11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

හොල්සිම් සංස්‌ථා සන්නාමය (SLIM නීල්සන්) ජනතා සම්මානයෙන් පිදුම් ලබයි.

-ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන හොල්සිම් ලංකා සමාගම 9 වැනි SLIM නීල්සන් ජනතා සම්මාන උළෙලේ දී නිවාස හා ඉදිකිරීම් ක්‌ෂේත්‍රය සඳහා පිදෙන ජනතා සම්මානය නොකඩවා සිව්වැනි වරටත් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා නීල්සන් ලංකා පුද්ගලික සමාගම විසින් සංවිධානය කරන මෙම ජනතා සම්මාන උළෙලේ දී සම්මාන පිරිනමනුයේ ජනතාව අතරට ගොස්‌ දත්ත රැස්‌ කිරීමේ ක්‍රියාවලියක්‌ පදනම් කර ගැනීමෙන් අනතුරුවය. ඒ අනුව අගෝස්‌තු මාසයේ සිට 2014 ජනවාරි මාසය යන මාස 6 ක කාලය තුළ නීල්සන් සමාගම විසින් මෙම සමීක්‌ෂණය පවත්වන ලදී. දිවයිනේ පළාත් 9 න්ම ජනතාව නියෝජනය වන පරිදි අවුරුදු 15-65 දක්‌වා වූ වයස්‌ කාණ්‌ඩයට අයත් 2700 කට වැඩි පිරිසක්‌ මේ සඳහා යොදා ගනිමින් ඔවුන්ගේ ප්‍රියතම වෙළෙඳ සන්නාමය, රූපවාහිනී වැඩසටහන, ප්‍රියතම පුද්ගලයා වැනි කරුණු පිළිබඳව දත්ත මෙම ජනතා සම්මාන සඳහා පදනම් කරගෙන ඇත. වෙළෙඳ සන්නාමයක සාර්ථකත්වය රදා පවතිනුයේ පාරිභෝගිකයා තම ප්‍රියතම වෙළෙඳ සන්නාමය සමග ඇති කරගෙන තිබෙන විශ්වාසය මත බව නීල්සන් සමාගම විශ්වාස කරයි.

මෙම සම්මානය පිළිබඳ හොල්සිම් ලංකා සමාගමේ උප සභාපති (අලෙවිකරණ හා විකුණුම්) නලින් කරුණාරත්න මහතා පවසා සිටියේ තම ආයතනයේ සාර්ථකත්වයට මුල්වී ඇත්තේ පාරිභෝගිකයා මුල්කර ගත් විද්‍යානුකූල සමීක්‌ෂණ මත පදනම්වූ ආකල්ප බවයි. කාලයක්‌ තිස්‌සේ මුළු ආයතනය තුළම සාර්ථකව ස්‌ථාපිත කර තිබෙන පාරිභෝගික දැක්‌ම පදනම් කරගෙන වඩාත් වටිනා සේවා ලබාදීමෙන් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා නිසි ලෙස ඉටුකරන බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.
ජාත්‍යන්තර පිළිගත් හොල්සිම් සිමෙන්ති නිෂ්පාදනයන් නිවාස හා ආයතනවල අවශ්‍යතාවලට මෙන්ම ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ විශාල ව්‍යාපෘති සඳහා දායකත්වය ලබාදෙයි. ශ්‍රී ලංකාවේද ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ විවිධ අංශ සඳහා දායකත්වය ලබාදෙන හොල්සිම් ලංකා සමාගම ජාතික මට්‌ටමෙන්ද විශාල හා කුඩා ප්‍රමාණයේ ඉදිකිරීම් කටයුතු සඳහා ද දායක වේ.

හොල්සියම් ලංකා නිෂ්පාදනයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා උසස්‌ තත්ත්ව පාලනයට අනුකූල බැවින් ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ විශාල පිළිගැනීමක්‌ ඇති අතර හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය නෙළුම් කුලුන වැනි විශාල ව්‍යාපෘතිවල සිට නිවාස ඉදිකිරීම් වැනි සෑම මට්‌ටමකම පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන ලෙස හොල්සිම් ලංකා නිෂ්පාදනයන් ලබාදෙනු ලැබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles