17.1 C
London
Thursday, November 13, 2025
spot_img

හෝමාගම ප්‍රාදේශිය සභාවේ ලේඛනාගාරය ගින්නෙන් දැවී යයි.

-හෝමාගම ප්‍රාදේශිය සභාවේ පුස්තකාලය දෙසින් හට ගත් ගින්නෙන් එහි ලේඛනාගාරයේ කොටසක් මුළුමනින්ම විනාශ වී ඇත.ලේඛනාගාරයේ තිබූ බව කියන ටයර් තොගයක් නිසා ගින්න ඇවිලී යන්නට ඇතැයිද කියති. රජයේ රස පරීක්ෂක අද එහි ගොස් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

හෝමාගම ප්‍රාදේශිය සභා ලේඛනාගාරයේ ඇතිවූ ගින්න ගැන පොලිසියට දැන්වීමට මිනිත්තු 20ක් පමණ පමාවී ඇතැයි ද පොලිසිය පවසයි.අලුයම 5ට පමණ ගින්න හටගෙන ඇත. ප්‍රමාදයට හේතුවත් පෙර දින ලේඛනාගාරයේ ලියවිලි අස්පස් කිරීමත් ගැනද සොයා බලන බව පොලිසිය පවසයි. ප්‍රාදේශීය සභාවේ ආරක්ෂක අංශය ගින්න ගැන පොලිසියට දැන්වීම පමා කළේ ඇයිදැයි යන්න පොලිසියට ප්‍රශ්නයක් වී ඇත.

පොලිසිය පැමිණෙන තුරු ලේඛනාගාරය ඉදිරිපිට තිබූ වාහනද ඉවත් කර නොතිබිණි. දෙහිවල ගල්කිස්ස නගර සභාවේද ශ්‍රී ජයවර්ධනපුර නගර සභාවේද ගිනි නිවන රථ එහි ගොස් ගින්න නිවා දමන විට වැදගත් ලේඛන රැසක්ම හානියට පත්වී ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles