කේන්දර සුමනේ ඉන්ධන වංචාවක…

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂක වරයෙකු වන සුමනදාස තිලක් අබේගුනවර්ධන විසින් ඉන්ධන දීමනා වංචනිකව ලබා ගෙන ඇති බවට වාර්තා වේ.

කිසිම අධ්‍යාපන සුදුසුකමක් හෝ බැංකු විභාග කිසිවක් සමත් නොමැති හුදු කේන්දර බැලීමත් සෙත් සාන්ති කිරීමත් නිසා පන්දමට පත් වූ බත් බැලයෙකු වන මොහුට ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් කේ.වී 0385 අංක දරණ නවීන හයි හුන්ඩායි මොටර් රථයක්ද පරිහරනය සඳහා ලබා දී තිබේ. මෙම රථය සඳහා මාසිකව රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් ව්‍යාජ ඉන්ධන බිල්පත් ඉදිරිපත් කරමින් සුමනදාස තිලක් අබේගුනවර්ධන විසින් ලබාගෙන ඇත.

මේ අනුව සුමනදාස තිලක් අබේගුනවර්ධන විසින් රුපියල් ලක්‍ෂ 50කට අධික මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් යටි මඩි ගසාගෙන තිබේ.

මෙම වංචාව යට ගැසීම සඳහා කේන්දර සුමනේ විසින් දේව මන්ඩලය වෙනුවට දේශපාලන ඉහල අතු පසු පස යාමට පටන් ගෙන ඇති බවට බැංකු ආරංචි මාර්ග පවසයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...