ලංකාවේ හොටෙල් සමාගම් තුනක් මාලදිවයිනේ ඒකාබද්ධතාවක්

ඊඩින් හොටෙල් ලංකා පී.එල්.සී සමාගම, බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම, ෆාම් ගාර්ඩින් හොටෙල් පී.එල්.සී සමාගම ඒකාබද්ධව ඩොලර් මිලියන 1.5 කට මාලදිවයිනේ ප්රමුඛතම හොටෙල් සමාගමක් මිලදී ගනී.
මෙම සමාගම් තුනම ඒකාබද්ධව එකක් ඩොලර් මිලියන 100 ක් බැගින් වන කොටස් 5000 ක් බැගින් මිලදී ගෙන ඇත. මේ අනුව අනාවරණය වනුයේ මෙම සමාගම් තුන විසින් මාලදිවයිනේ ක්රියාත්මක වන Bodufaru Beach Resort (Private) Limited නමැති සමාගම මිලදී ගත් අතර මෙම සමාගම් තුන සඳහාම මෙහිදී සමාන හිමිකමක් ඇති බවයි. මෙම නිසා Bodufaru Beach Resort (Private) Limited සමාගමේ කොටස් වලින් සියයට 33.33 ක් බැගින් මේ වන විට මෙම සමාගම් තුනටම අයත් වන අතර එම සමාගම් තුන විසින් මේ සඳහා වෙන් වෙන් වශයෙන් ආයෝජනය කර තිබෙන මුදල ඩොලර් 500,000 කි.
මාලදිවයිනේ මෙම හොටෙල් සමාගම මිලදී ගැනීම තුලින් ඊඩින් හොටෙල්ස් ලංකා පී.එල්.සී සමාගම, බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම, ෆාම් ගාර්ඩින් හොටෙල්ස් පී.එල්.සී සමාගම බලාපොරොත්තු වනුයේ මාලදිවයින තුල හෝටලයක් ගොඩනැගීමයි.

Check Also

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...