Homeජ්‍යොතිෂය ජ්‍යොතිෂය අද දවස ඔබට කොහොමද? By ceylonradio June 17, 2013 0 28 FacebookTwitterPinterestWhatsApp වර්ශ 2013 ජූලි මස දා හත්වැනිදා සිකුරාදා මේෂ ආත්ම ශක්තියෙන් යුතුව තම එදිනෙදා ජීවිතයට මුහුණදීමේ හැකියාව ඇතිවේ. ගේ දොර ඉඩ කඩම් මෙන්ම චංචල දේපළ නිසා නීතිමය ප්‍රශ්න ඇතිවීමට පුළුවන. ජය අංකය 06 වෘෂභ පවුල් ජීවිතය තුළ ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් නිසා නොයෙක් බාධා කම්කටොලුවලට මුහුණදීමට සිදුවේ. ඒ සියල්ලට ඉවසීමෙන් හා උපෙක්ෂා සහගතව මුහුණදීමේ ශක්තිය ඇතිවේ. ජය අංකය- 09 මිථුන අවිවාහක අයට මංගල යෝග ක්‍රියාත්මක වන අතර ආදර සබඳතා ස්ථීරවේ. ඉක්මන් තීරණ නිසා පසුව පසුතැවිලිවීමට පවා හේතුවේ. ජය අංකය- 07 කටක රැකියා කටයුතුවල මෙන්ම බාහිර ගමන් බිමන් නිසා ද වැඩි වෙහෙස මහන්සියක් ඇතිවේ. විශේෂයෙන් ඈත පළාත්වල ගමන් බිමන් යෙදීමෙන් විවේකය සීමාවේ. ජය අංකය- 08 සිංහ විරුද්ධ ලිංගිකයින් හා ඇසුරට වැඩි වශයෙන් අවස්ථාව උදාවේ. නව ප්‍රේම සබඳතා මෙන්ම විරසකව සිටි අය පවා නැවත ඇසුරු කිරීමට අවස්ථාව උදාවේ. ජය අංකය- 09 කන්‍යා ගායනා ක්ෂේත්‍රයේ යෙදෙන අයට තම කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවන අතර වෙනත් කලා ක්ෂේත්‍රයන් හි නිරත අයට යහපත් දිනයකි. ජය අංකය- 07 තුලා මුදල් ඉපැයීම සඳහා සිත යොමුවේ. එමෙන්ම තම මුදල් අවශ්‍යතාවයන් නිසා ණය වීමට හෝ ගේ දොර පවා උකසට තැබීමට ද සිත යොමුවේ. ජය අංකය- 02 වෘෂ්චික නිෂ්ඵල ගමන් බිමන් නිසා වැඩිහිටියන්ගේ දෝෂාරෝපණවලට හේතුවේ. ආගමික ස්ථාන, ළමා නිවාස, වැඩිහිටි නිවාස ආදි පුණ්‍ය ස්ථාන සඳහා තම ශ්‍රමය වැය කිරීමට සිත්වේ. ජය අංකය- 09 ධනු අවිවාහක අයගේ ප්‍රේම සබඳතාවලට වැඩිහිටියන්ගේ විරෝධය එල්ල වීමට ඉඩ ඇත්තේය. හදිසි තීරණවලට එළඹීමෙන් පසුව දුක්වීමට හේතුවේ. ජය අංකය- 05 මකර මුදල් අර පිරිමැස්මෙන් කටයුතු කිරීමට සිතා සිටියත් හදිසි විය පැහැදම්වලට හා අනවශ්‍ය විය හියදම්වලට තම ධනය වැය කිරීමට සිදුවේ. ජය අංකය- 05 කුම්භ තම ආර්ථික මට්ටම උසස් කර ගැනීමට අවශ්‍ය වාතාවරණය උදාවේ. සමහර විට මව් පාර්ශවයේ ඥාතියෙකු සතු ධනය ඔබට අත්වීමට ද ඉඩ ඇත. ජය අංකය- 01 මීන කලා කටයුතුවල නිරත වූවන්ට හෝ කලා අංශයේ රැකියාව කරන මීන ලග්න හිමියන්ට සුබ ඵල උදාකරන දිනයකි. නිර්මාණ කරනයේ යෙදෙන්නන්ට යහපත්වේ. ජය අංකය- 03 Share TagsfeaturedLatestspotlight Share FacebookTwitterPinterestWhatsApp Previous articleඑංගලන්තයෙන් ලංකාවට පැයූ යොවුන් තාරකාවNext articleSri Lankan Champions Trophy protesters still struggling to be heard ceylonradio Related Articles Ceylon Stars කෘතඥතාවය News සංක්‍රමණිකයන් සදහා බ්‍රිතාන්‍ය රජයෙන් නව නීති UK news ලිවර්පූල් පාපන්දු කණ්ඩායම 2025 එංගලන්ත පාපන්දු කිරුල දිනාගනී Stay Connected0FansLike0FollowersFollow0SubscribersSubscribe - Advertisement - Latest Articles Ceylon Stars කෘතඥතාවය News සංක්‍රමණිකයන් සදහා බ්‍රිතාන්‍ය රජයෙන් නව නීති UK news ලිවර්පූල් පාපන්දු කණ්ඩායම 2025 එංගලන්ත පාපන්දු කිරුල දිනාගනී ක්‍රීඩා පිටිය බංග්ලාදේශය පරදවමින් සිම්බාබ්වේ කණ්ඩායමට විශිෂ්ට ජයක් Domestic ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2025දී 3.5%ක වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ – ලෝක බැංකුවේ වාර්තාව Load more