දින 21න් කෙට්ටු වෙන හැටි

-සිරුර මහතා නිසා ඒ ගැන හිත හිතා ලතැවෙන ඔබට දින 21කින් ඔබේ සිරුරේ තරබාරු කම නැති කරගන්නට පුළුවන් මගක් කියා දෙන්නයි අද අපේ වෑයම.

සාමාන්‍යයෙන් ඔබ හුරුව සිටින්නේ පාන්දරින්ම අවදි වී සිසිල් වතුර වීදුරුවක් පානය කිරීමටය. නමුත් ඔබ තරබාරු අයෙක් නම් මේ වෙනුවට උදෑසනම මඳ රස්නෙ වතුර වීදුරුවක් බීමට පුරුදුවන්න.

උදෑසන ආහාර වේල සමබල හා පෝෂණයෙන් අනූන ආහාරයක් විය යුතුය. මෙහිදී ඔබ වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ ප්‍රෝටීන් බහුල ආහාර මතය.

උදෑසන 9.00ට පමණ සුදු කවුපි, රතු කව්පි, කොල්ලූ හෝ සෝයා වැනි ධාන්‍ය කෝප්පයක් පමණ ආහාරයට ගැනීම වඩාත් සුදුසු වන අතරම හැකි තරම් කාබෝහයිඞ්රේට් අඩංගු ආහාරවලින් ඈත් විය යුතුය.

අල වර්ග සහිත ආහාර (කඩල වැනි ධාන්‍ය* හා බත් වර්ගද හැකි තරම් අඩුවෙන් ආහාර වේලට එක්කර ගන්න.

මේ වෙනුවට කැඳ වර්ගයක් ඔබේ ආහාර වේලට එක්කර ගත හැකි නම් එයද වඩාත් පෝෂ”ය වන්නක්.

මේ අතරින් ගොටුකොළ හා මොනරකුඩුම්බිය කැඳ විශේෂයි. මේ වෙනුවට කිරි හෝ පිටි සහිත ආහාර ගැනීම තරමක් අඩු කළ යුතුයි.

කෑමෙන් පසු අතුරු පස ලෙස පලතුරු ආහාරයට ගැනීම නම් හොඳ පුරුද්දක්. නමුත් වඩාත් සුදුසු වන්නේ ආහාර ගෙන පැය 1/2කින් පමණ පසුව යම් පලතුරක් ආහාරයට එක් කර ගැනීමයි.

කෑමෙන් පසු එකවරම පලතුරුද ආහාරයට ගැනීම දිරවීම අපහසු කරවන්නකි. එම ආහාරවල අඩංගු කැලරි දහනයටද එය බාධාවකි.

මේ නිසා ඔබේ උදරය තවත් නෙරා ඒමට පුළුවන.

ඇතැම් අය නිතර තේ පානයට පුරුදුව සිටියි. නමුත් ආහාර ගත් විගසම තේ පානය කිරීම නම් සුදුසු නැත.

එමÛින් සිරුරේ ඇති විටමින් මිනරල් (කැල්සියම්, පොටෑසියම්, සෝඩියම්* හා යකඩද පිට කරයි.

මේත් සමÛම උදෑසන 6ත් 12ත් අතර කාලයේදී වතුර කෝප්ප 4ක්වත් (250පක* අවම වශයෙන් පානය කළ හැකි නම් එයද සෞඛ්‍ය සම්පන්න දිවියකට හේතු වන්නකි.

උදෑසන 11ට පමණ ඔබට හැකි නම් නෙල්ලි හෝ බාර්ලි බීම පානය කරන්න. මෙමÛින් සිරුරේ ඇති අනවශ්‍ය දේ බැහැර කරවයි.

දිවා ආහාරය අප බොහෝ විට ගන්නේ කාර්යාලයේ හෝ නිවෙසින් බැහැරව සිටින අවස්ථාවකය.

ඒ නමුත් මේ පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න.

මේ නිසා ඔබේ දිවා ආහාරයට බත් අඩුවෙන් හා එළවළු වර්ග වැඩියෙන් එක් කර ගැනීම වඩාත් සුදුසුය.

දහවල් ආහාරයට පසුව ඔබ පලතුරු ගැනීමේ පුරුද්ද නම් අත් හැරිය යුතුය. පලතුරුවල විටමින් සී අඩංගු බැවින් එමÛින් සිරුරේ බර වැඩි කරවයි.

කෑමට පසුව ලෙමන් බින්දුවක් සමÛ මඳ රස්නෙ වතුර වීදුරුවක් පානය කළ යුතු වන්නේද එය කැලරි දහනය කිරීමට පහසුවක් වන බැවිනි.

දිවා ආහාරයෙන් පසුව විනාඩි 5ත් 15ත් අතර වේලාවක් හොඳින් නහයෙන් හුස්ම ගනිමින් (ඔක්සිජන් වායුව හොඳින් ශරීරයට ලැබෙන ලෙස* ඇවිදින්න.

මෙම ක්‍රියාකාරකම ඔබේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවයි. ආහාර ගත් විගසම නින්දට යෑමේ නරක පුරුද්දත් ඔබ නැති කර ගත යුතුය.

වායුසමීකරණය කළ කාමරයක ඔබ දවසේ වැඩි කාලයක් ගත කරයි නම් අඩුම තරමේ දහවල් 1ට පෙර ග්‍රීන් ටී එකක්වත් පානය කිරීමට හුරු වන්න.

නමුත් කෝපි, මෝල්ට් හා පැණි බීම හැකි තරම් ඈත් කරන්න.

ඔබේ දින චර්යාව මේ ආකාරයට හැඩ ගස්වා ගන්නේ නම් දින 21කින් එහි සාර්ථක ප්‍රතිඵල ඔබටම අත් විඳීමට හැකිවේවි.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...