13.5 C
London
Friday, April 25, 2025
spot_img

කැබ්රිය හිමිකරු කට වරද්දා ගනී

පදික වේදිකාවට අලූතින් සිමෙන්ති ඇතිරීමට බාධා වන අයුරින් ගාල් කර තිබූ කැබ් රියක් එහි හිමිකරුවා සමග ඇතිවූ බහින්බස් වීමකින් පසුව සිමෙන්ති යොදා පදික වේදිකාවටම ‘‘සවිකර‘‘ යාමට බ‍්‍රසීලයේ කම්කරුවන් පිරිසක් ක්‍රියා කළහ. වාර්තා වන ආකාරයට මෙම රියේ හිමිකරු වසර ගණනක සිට මෙම ස්ථානයේ තම රථය ගාල් කිරීමට පුරුදුව සිට ඇති අතර කම්කරුවන්ගේ ඉල්ලීම පරිදි එය මදකටවත් ඉවත් කර ගැනීමට කැමැත්ත පළ කර නොමැත.

මෙනිසා කෝපයට පත්ව ඇති කම්කරුවන් පිරිස කර ඇත්තේ කැබ් රියත් පදික වේදිකාවටම ඇලී සිටින සේ බදාම යොදා පදික වේදිකාව පිළිසකර කිරීමය. මෙය සැළවූ බළධාරීන් කැබ්රිය ඇදගෙන යාමට පැමිණ ඇතත් ඔවුන් පැමිණි පසු දැකගත හැකිව තිබෙන්නේ ක්ෂණිකව ඝන වන බදාම වර්ගයක් භාවිතා කර ඇති හෙයින් කැබ් රිය හෙල්ලීමටවත් නොහැකි වන අයුරින් පදික වේදිකාව හා බැඳී තිබෙන අයුරුයි.

කෝවිද ගුණසේකර

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles