14.3 C
London
Sunday, December 7, 2025
spot_img

සෝදිසි මෙයෙයුමක් දියත් කළ හුන්නස්ගිරිය

පසුගිය අඟහරුවාදා අලුයම සිට ස්වාධීන රූපවාහිනියේ මාතලේ හුන්නස්ගිරිය මුදුනේ විකාශනාගාරයේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී ජේ.එස්. ජාගොඩ (45) මහතා හුන්නස්ගිරියේදි අතුරුදන් වී ඇතැයි මාතලේ පොලිසියට පැමිණිලි කර ඇත. සම්ප්‍රේෂණාගාරයේ පහළ කැලයේ ඇඳ සිටි සරම හා කමිසයේ කැබලි කිහිපයක් තිබී හමුවූ බවත් එම ස්ථානයේ ගස් වැල් පොඩිවී තිබූ බවත් පොලිසිය පවසයි. අඟහරුවාදා අලුයම 12.30 ට පමණ සිය සගයන් දෙදෙනා සමග තේ බී නින්දට ගිය ජාගොඩ මහතා ඔහුගේ කාමරයේ නොසිටි බව සගයන් පොලිසියට පවසා තිබේ.
අද සිට මාතලේ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා හුන්නස්ගිරි මහ කැලේ සෝදිසියක්ද ආරම්භ කර ඇත. මාතලේ, කළුදෑවල ජාගොඩ මහතා පදිංචිව සිටී අතර ඔහුගේ බිරිඳ හා දරුවන් මාතර පළාතේ සිටි. ජාගොඩ මහතාට මෑතදි උසස්වීමක් ලැබුණු බවත් ඔහුගේ සගයකු බව කියන පුද්ගලයකු ඒ ගැන නොසතුටින් සිටි බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත. දින දෙකකට පසුවත් ඔහු ගැන ආරංචියක් ලැබී නැති බව පොලිසිය පවසයි. කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කළ පොලිසිය හෝඩුවා කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles