හුණුවටයේ කතාව කේරලයට

ඉන්දියාවේ කේරල ප‍්‍රන්තයේ ති‍්‍රෂූර් නගරයේ දී 2014 ජනවාරි 27 සිට පෙබරවාරි 03 දක්වා පැවැත්වෙන 6 වැනි අන්තර්ජාතික නාට්‍ය උළෙල නියෝජනය කිරීම සඳහා ජංගම රඟහලද රැගෙන පැමිණෙන ලෙස පරාක‍්‍රම නිරිඇල්ල ඇතුළු ජනකරළිය නාට්‍ය කණ්ඩායමට ආරාධනා ලැබී ඇත.

කේරල ප‍්‍රාන්ත රජයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංගීත නාටක ඇකඩමිය විසින් මෙහෙයවන මෙම අන්තර්ජාතික උළෙලේ නාට්‍ය රඟක්වන එක් පරිශ‍්‍රයක් ලෙස මෙම ජංගම රඟහල භාවිතා කරනු ඇත.

පෝලන්තය, රුමේනියාව, ජෝර්ජියාව, නෝර්වේ, ඉතාලිය, ප‍්‍රංශය, ඩෙන්මාර්කය, රුසියාව සහ එංගලන්තය යන රටවල්ද ඇතුළුව ඉන්දියාවේද නාට්‍ය කණ්ඩායම් මෙම උළෙලේ නාට්‍ය රඟදක්වනු ලබන අතර ශී‍්‍ර ලංකාව නියෝජනය කරන්නේ ජනකරළිය නාට්‍ය කණ්ඩායමයි.

ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ ශිල්පීන් සහභාගි කර ගනිමින් හෙන්රි ජයසේනයන්ගේ පරිවර්තනය ඇසුරෙන් පරාක‍්‍රම නිරිඇල්ල නිර්මාණය කළ ‘‘හුණුවටයේ කතාව’’ නව නිෂ්පාදනය මෙම කේරල අන්තර්ජාතික නාට්‍ය උළෙලේ රඟදැක්වීමට තෝරාගෙන ඇත.

හෙන්රි ජයසේනයන්ගේ නිෂ්පාදනයට වඩා වෙනස් ආකාරයකට නිර්මාණය කර ඇති ‘‘හුණුවටයේ කතාව’’ ජනකරළිය නිෂ්පාදනය කේරල සංචාරයට පෙර මෙම දෙසැම්බර් මස 29 වැනි ඉරිදා රාජගිරිය ජනාධිපති විද්‍යාලයීය රංග ශාලාවේදී රංගගත කිරීමට කටයුතු යොදා ඇත.

දිලිප් රෝහණ, සංජීව උපේන්ද්‍ර, සුමුදු මල්ලවආරච්චි, නිශාන්ත කුලරත්න, රොනිකා චාමලී, රාසයියා ලෝහානන්දන්, සෙල්වරාජ් ලීලාවතී, අජන්ත ශාන්තකුමාර්, සතිස් සුරේන්ද්‍ර එකනායක, ඉනෝකා ලංකාපුර, අරෝෂා තරංගනී, තියාගරාජා ශිවනේසන්, පාලිත අබේලාල්, දෙව්රාන් ශී‍්‍ර ලිවේරා, සරත් බානගල, අමිල දිනේෂ්, විජිත හෙට්ටිගේ, ජනිත දිසානායක, අලගුරාජ් යශෝප‍්‍රසාද්, දමින්ද මෙන්ඩිස්, කුමරේෂන් මහින්ද්‍රන්, තිලිණි නිමේෂා, මදීරා උදීෂානි, සමන්ලතා දිසානායක, දිනූෂ අලහකෝන්, චන්න ප‍්‍රදීප් හේරත්, නිපුන් නිර්මාල් බණ්ඩාර(ළමා) යන ශිල්පීන්ගෙන් සමන්විත ජනකරළිය නාට්‍ය කණ්ඩායම මෙම උළෙලට සහභාගි වෙති.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...