ඇල්පිටි කොල්ලෙක් හයිබ්‍රිඩ් විප්ලවයක් කරයි

කඩෙන් රුපියල් විසිපන් දාහසකට ගත් 125 සීසි එන්ජිමට එහෙන් මෙහෙන් සොයාගත් උපකරණ සවිකැර හයිබ්‍රිඩ් කාරයක් හැදීමට ඔරුගොඩවත්තේ ජපන් ටෙක් සිසුවෙක් සමත් විය.

මොටරය ඉවත දමා තිබූ වාහනයකින් ගෙන ඇත. පරණ ටයර් 4ක් රිම් 4ක් මේ සඳහා යොදාගෙන ඇත. පරණ ලෑන්ඩ් මාස්ටරයක හෙඩ් ලයිට් දෙකක් සවිකර තිබේ. බ්‍රේක් පැඩ්ලය හා ගියර් ලිවරය බැටරිය ද වෙනත් වාහනයකින් ඉවත් කළ ඒවාය.

සාමින්ද ඉන්චේටරයක්, ඔටෝ ස්ටාර්ඩ් සර්කිට් පද්ධතියක් තනා අලුතින් වයර් කැර ත්‍රිරෝද රියක ඩිපරෙන්සල්යක් ගෙන ස්පොකට් කපල් කර සාදාගෙන ඇත.

තහඩුව චැසිය අඟල් දෙකේ යකඩ පයිප්පයකින් සාදා ඇත. 2013 වසරේ මෝටර් යාන්ත්‍රික ශිල්පය හැදෑරීම සඳහා මෙම ආයතනයට ඇතුළත් වී ඇති මේ ආධුනික සිසුවා ඇල්පිටිය බටුවන්හේන පදිංචි සමින්ද රුක්ෂාන් ගුරුසිංහයි.

ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු පාසල් අවධියේ දී ද දිස්ත්‍රික් මට්ටමින් විවිධ දස්කම් දැක්වීය

සහසක් නිපැයුම් 2013 වැඩසටහන වෙනුවෙන් මෙම රථය ඔහු නිපදවා ඇත.

125 සීසී එන්ජිමක් සහිතව පැයට නිකුත් මීටර් 30 -70 ක් අතර වේගයකින් ධාවනය කළ හැකි පරිදි නිපදවා ඇති මෙයින් දහනය වන වායුව අවට වායු ගෝලයට මුදා හැරීමේ ගුණාත්මක භාවය අතින් ද විශේෂත්වයක් ඇතැයි එම ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ උපදේශකවරු පවසති.

බැටරියේ වෝල්ටීයතාවය වැඩි කිරීමට පේනුවක් සවිකර තිබීම හා සූර්ය කෝෂ බල ශක්තිය ලබා ගැනීමට ඇති හැකියාවත් මෙහි ඇති විශේෂත්වයකි. එමෙන්ම හයිට්‍රිජන් වායුව උපයෝගී කොටගෙන මෙම එන්ජිම වැඩිදුරටත් දියුණු කිරීම ද මෙම ශිෂ්‍යාගේ අරමුණ වී තිබේ.

කාර්මික ක්ෂේත්‍රයේ දැනට යෙදී සිටින තම පියාගෙනුත් ආයතනයේ උපදේශකවරුන්ගේත් උපදෙස් මත දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් රුපියල් 70,000ක පමණ වැයකොට තමන්ට මේ රථය නිපදවීමට හැකියාව ලැබුණු බව සමින්ද පවසයි.

මේ වාහනයේ පැට්‍රල් ලීටර් 4ක ටැංකියක් ඇත. පෙට්‍රල් ලීටරයකින් කීලෝමීටර් 50ක් පමණ ධාවනයකළ හැකි බව සමින්ද පවසයි.

ඉන්ධන ඉවත් කිරීමේ හා පරිසර දූෂණය අවම කිරීමේ බලාපොරොත්තුවෙන් මෙය නිමවා ඇති බවත් තමන්ට මේ සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගත හැකි වුවහොත් ඉදිරියේදී මෙම වාහන නිෂ්පාදනයට අතගැසීමට ද ඔහු අදහස් කරයි.

source-lankadeepa

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...