තුවාල බෙහෙතක් වෙළද පලෙන් ඉවතට

අධික සාන්ද්‍රණයෙන් යුත් “හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ්” නමැති රසායනික ද්‍රව්‍යය වහාම වෙළෙඳ පොළෙන් ඉවත් කර ගන්නා ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී ඇත.

තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන මෙම “හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ්” වෙනත් ශරීර ආබාධවලට භාවිතා කළ හැකි බවට ලේබලයේ සඳහන් වුවත් එසේ භාවිතා කිරීමේදී අතුරු ආබාධ මතුවන බවට තහවුරු වී තිබේ.

එසේම මෙම ඖෂධය භාවිතා කිරීම සඳහා උපදෙස්‌ පත්‍රිකාවක්‌ අදාළ බෝතල් බහාලුමේ සඳහන්ව නැතැයි ද, තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන එම ඖෂධ වර්ගය මුඛය සේදීම, කණේ ආබාධ සඳහා භාවිත කළ හැකි බවට සඳහන් කර තිබෙන අතර එය භාවිත කිරීමෙන් පිළිස්සුම් තුවාළ ඇතිවිය හැකි බව ද පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...