Wednesday , 22 January 2025

මම දැන් දුප්පත් – මෛත්‍රී

ආධාරවලින් එකතුවන මුදල්වලින් මැතිවරණ කරන්නේ..
ජනපති කටවුට් ගැසීමට ආණ්ඩුවේ මුදල් වියදම් කරන්නේ..
දෙමළ ජාතික සංධානය හා මම අතර ගිවිසුමක් නෑ..

මගේ තියන්නේ දුප්පත් මැතිවරණ ව්‍යාපාරයක්. පොලිතීන් සැරසිලි මගේ නෑ. එසේම ජනපතිවරයාට කටවුට් ගැසීමට ආණ්ඩුවේ මුදල් යොදවා ගන්නා බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනපතිවරණ ප්‍රචාරණය පිළිබඳ අදහස් දක්වමින් අද මෙසේ සඳහන් කළේය.

තම සාමාජිකයන්, ආධාරකරුවන් හා පාක්ෂිකයන් ලබාදුන් ආධාරවලින් එකතුවන මුදල්වලින් මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවත්, පොදු විපක්ෂයේ අනෙකුත් පක්ෂ ඒ ඒ පක්ෂයන් හි පක්ෂ අරමුදල් මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගන්නා බවත් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුනි.

මාධ්‍ය ප්‍රධානීන් හා කෝට්ටේ පැවැති හමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.

මේ අතර දෙමළ ජාතික සංධානය හා ගිවිසුමක් නොමැති බවත්, එවැනි ගිවිසුමක් අත්සන් නොකළ බවත් සඳහන් කළේය.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...