නාදීෂානී නිලූක්ෂිකා කියන්නේ මේ වෙන කොට ඔයාලා කවුරුත් දන්න දක්ෂ නිළියක්නේ.මුලින්ම නාදීෂාව දැනගන්න ලැබෙන්නේ ”වරිගපොජ්ජ” චිත්රපටයෙන් ඒ ”හඳුනි” කියන චරිතය හරහා.ඇය ”වරිගපොජිජ” චිත්රපටයේ හඳුනිගේ චරිතය ඉතාමත් දක්ෂ අන්දමින් රඟපාල තියෙන බව ඒ චිත්රපටය බැලූවානම් කොයි කවුරුත් දන්නවා.
ඉතින් නාදීෂානී ආදරය සම්බන්ධයෙන් මරු කතා ටිකක් කියා තිබේ. නාදීෂාගෙන් ඇහුවා මොනවාගේ සහකරුවෙක්ද ඔබ හොයන්නේ කියලා ඉදිරි අනාගතයේදී.එතකොට නදීෂා නම් කිව්වේ මේන්න මේ වගේ දෙයක්.
”දැනටනම් තාම සහකරුවෙක් නෑ. අම්මිලට බාර දෙනවා ඒ දේ කරගෙන යන්න කියලා. හැබැයි මෙහෙමයි අම්මලා බැලූවට මටත් ඒ දේවල් ගැලපෙන්න ඕන. ඇත්තටම ආදර යෝජනා නම් මේ වෙද්දි එනවා. අම්මනම් කියනවා සිකුරා ලබලාද දන්නේ නෑ කියලා.”
”මං බලාපොරොත්තු වෙන කෙනාව ලොකු ලස්සනක් තිබිය යුතු නෑ. හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්, තේරුම් ගැනීම, විශ්වාසය, සැකයක් නැතුව මට ආදරයෙන් ඉන්න පුළුවන් නම්, මාව තේරුම් ගන්න පුළුවන් නම්. සාමන්ය උස ගානට තියෙන්න ඕන. සුදු අයටනම් මං කැමති නෑ. තලෙලූ එක්කෙනෙක්. ඉතින් ඒ වගේ හොඳ එක්කෙනෙක් ලැබෙයි අනිවාර්යෙන් මට. ඉතින් හිමිකාරයා එනකන් බලන් ඉන්නවා ”