ආදරේට මිනී මරාගෙන​

0
104

රත්නපුර, රක්වාන ප්‍රදේශයේ දී පෙම්වතෙකු විසින් සිය පෙම්වතියට ආයුධයකින් පහර දී ඔහුද සිය දිවි හානි කර ගෙන ඇත.රක්වාන ප්‍රදේශයේ පිහිටි පෙම්වතියගේ නිවසේදී මෙම සිදුවීම වී ඇති බව පොලිසිය පවසයි.

මෙම පෙම්වතා පෙම්වතියගේ නිවසට පැමිණ එහිදී පෙම්වතිය සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර එහිදී නිවසෙහි තිබු පිහියකින් පෙම්වතියට පහර දී ඇත. අනතුරුව තමාද එම පිහියෙන්ම ඇනගෙන තිබේ.

එහිදී බරපතල තුවාල ලැබූ මොවුන් දෙදෙනා රෝහල කරා රැගෙන යන අතර වාරයේ පෙම්වතා මිය ගොස් තිබේ. 17 හැවිරිදි තරුණිය මේ වන විට රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. මියගොස් ඇති තරුණයා 18 හැවිරිදි දැරණියගල ප්‍රදේශයේ පදිංවි කරුවෙකි.