පාරේ යන බල්ලෙක් ගෙදරට ඇවිල්ලා අම්මට ජාතක වෙලා නෙවයි මම ඉපදිලා තියෙන්නේ – බුද්ධික පතිරණ (හ`ඩ පටය සහිතයි)

මම බත් කාපු කටින් අසූචි කන මිනිහෙක් නොවෙයි..
මම ආණ්ඩුවට යනවා කියලා ගොසිප් හදලා දාන උන් බල්ලට ජාතක වෙච්ච උන්..
මගේ සහතිකේ දීලා තියෙන්නේ ලෙයින්..

තමා බත් කාපු කටින් අසූචි කන මිනිහෙක් නොවන බව මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි. පක්ෂ මාරු කරන කෙනා පක්ෂයෙන් පක්ෂය පනින කෙනා බුද්ධික පතිරණ පක්ෂ මාරු කරන බව කියලා කටින් කට කියන කෙනා අන්තර්ජාලයේ ෆේස්බුක් එකට එකතු කරන කෙනා ජාතකයක් නැති කෙනෙකු බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය..

රුපියල් සත වලට දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි බුද්ධික පතිරණ කියන්නේ. මගේ ජාතකේ හො`දයි. පාරේ යන බල්ලෙක් ගෙදරට ඇවිල්ලා අම්මට ජාතක වෙලා නෙවෙයි මම ඉපදිලා තියෙන්නේ. මේ මඩ ගහන්නේ අපේ දේශපාලන චරිතය විනාශ කරන්න. මේවා හවුල් කුමන්ත්‍රණ.

මගේ සහතිකේ දීලා තියෙන්නේ ලෙයින් මිසක් ඔය පනින මහත්වරු, ගියපු මහත්වරු, එන මහත්වරු වගේ නෙවෙයි. ඔය පක්ෂ පාවලා දීලා යන ද්‍රෝහියන්ගේ ගොඩේ බුද්්ධික පතිරණ නැති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටී.

මාතර දිස්ත‍්‍රික් එජාප නායක මන්ත‍්‍රී මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට කරනු ලබන කෙණෙහිළිකම් නිසා ඒ මහතා එජාපය හැර යන බවට පසුගියදා රාවයක් පැතිර ගියේය.

බුද්ධික පතිරණ මහතා රජයට එක්වන බවට අසත්‍ය ප්‍රචාර යැවූ පුද්ගලයින්ට හා එම කතාව පිළිබඳ කරුණු දැක්වීමට මන්ත්‍රීවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

එම විශේෂ ප්‍රකාශය පහතින් දැක්වේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...