ICC CHAMPIONSHIP තරඟාවලියේ පලමු පුහුනු තරඟය අද​.

එංගලන්තයේදී පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ( ICC CHAMPIONSHIP ) තරගාවලියේ ශ්‍රී ‍ලංකාව සහභාගිවන පළමු පුහුණු තරගය දිවා රාති‍්‍ර තරගයක් ලෙස පකිස්ථාන කණ්ඩායම සමඟ අද පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව සමඟ ලබන සෙනසුරාදාත් බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර තරගය ජූනි 04 වැනිදාත් පැවැත්වේ. එංගලන්තයේ බර්මින්හැම් හිදි පුහුණු තරග පැවැත්වෙයි.

තරගාවලිය එළඹෙන ජූනි 06 වනදා සිට ආරම්භ කිරීමට නියමිත අතර ශ්‍රී‍්‍ර ලංකාව, ඔස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව සහ නවසීලන්තය ඒ කාණ්ඩය යටතේත් බී කාණ්ඩය යටතේ ඉන්දියාව, පකිස්ථානය, බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශය තරඟ වදී.

ශ්‍රී‍්‍ර ලංකාව සහභාගිවන පළමු තරඟය ලබන ජුනි මස 09 වනදා නවසීලන්තයට එරෙහිව පැවැත්වේ.තරඟාවලියේ උනුසුම් පුවත් ඔබ සැම වෙත එසැනින් ගෙනඒමට ceylon radio මාධ්‍ය කන්ඩායම සූදානම් වී සිටී.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...