11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග අයෙකු දැලේ

නීති විරෝධී අයුරින් මෙරටට ගෙන එන ලද දුම්වැටි තොගයක් සමග කඩවත, ඉහළබියන්විල ගෝනහේනපාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්යය බලකා සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී විවිධ වර්ගවල දුම්වැටි බණ්ඩල් 86 ක් සහ යතුරු පැදියක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් තුන්ලක්ෂ අනුපන්දහසක් පමණ වන බවට ගණන් බලා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්ඩ තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කඩවත පොලීසියට භාර දුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles