මියෙන තෙක් හිරේ දැම්මත් චාල්ස් එන දවසට කොළඹ උද්ඝෝෂණ කරනවා

තම පක්ෂය ඇතුළු සමගි බලවේගයේ මෙහෙයවීමෙන් ලබන 14 දා කොළඹ නිදහස් චතුරස‍්‍රයේ පැවැත්වීමට නියමිත ජන අරගලය නතර නොකරන බව ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාල සීමාව තුළ විරෝධතා පැවැත්වීම මහජන ආරක්ෂණ පනත යටතේ බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත්කොට තමන් මුළු ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කළත් මෙම විරෝධතාවය නොනවත්වන බවද ඒ මහතා අවධාරණය කරයි.

රුපියල් බිලියන 1940ක පමණ වියදමකින් මුළු රටේම අනාගතය උකසට තබා පැවැත්වීමට යන මෙම රාජ්‍ය නායක සමුළුව නිසා රටේ විදේශ ණය බර වැඩි වී මුළු රටම දරුණු අගාධයකට වැටීමේ අනතුරක් දැක දැකත් ඒ ගැන ඇස් කන් පියාගෙන් සිටීම තමන් ඇතුළු සමගි බලවේගයට අයත් දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති සමාගම් වලට නොහැකි යැයි ද පවසන වික‍්‍රමබාහු කරුණාරත්න එම ජන අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය අසාර්ථක කර තම අරමුණ ජය ගැනීමට මෙරට වැඩ කරන ජනතාව තමන් සමග එක් ධජයක් යටතේ පෙළගැසී සිටින බව මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...