11.3 C
London
Friday, May 16, 2025
spot_img

iMac චීනයෙන් ආපසු ඇමරිකාවට එයි

ඇපල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ට අනුව ඊලඟ වසරේ iMac නිෂ්පාදන නැවත ඇමරිකාවේ ඇරඹීම සඳහා සමාගම විසින් ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට යයි.

BLOOMBERG BUSIINESS WEEK සහ NBC සමඟ සාකච්ඡවලදී ඔහු කියා ඇත්තේ ඇපල් නිෂ්පාදන පෙලක් ඇමරිකාවට විශේෂිතව ඇති කිරීමට යන බවයි. එසේ වුවත් කුමන ආකාරයේ පරිගණක නිෂ්පාදන වර්ගයක් ඇමරිකාවේ නිපදවනු ඇතැයිද යන්න එලි කර නැත. ඇපල් සමාගමට තම නිෂ්පාදන වල මාරුවක් සිදුකල යුතුය යන අදහස් ඇති වුනේ පසුකාලීන නිෂ්පාදන වල ‘ඇමරිකාවේ එකලස් කරන ලදී’ ලෙස පසුපස ලියවීමට පටන් ගත් බැවිනි.

කුක් ට අනුව iPhone සහ අනෙකුත් ඇපල් නිෂ්පාදන වල ප‍්‍රධාන කොටස් දැනටමත් ඇමරිකාවේ නිපදවයි. කෙසේ නමුත් එකලස් කිරීම සිදු වන්නේ 1990 දී එහි නිෂ්පාදන වලින් වැඩි කොටසක් කිරීමට ලබා දුන් චීනයටයි. 2004 වන තෙක් iMac එකලස් කෙරුනේ කැලිෆෝර්නියාවේ එල්ක් ගෲව් හිදීය. කර්මාන්ත බොහොමයක් තම නිෂ්පාදන සිදුවිය යුත්තේ කොතනදී දැයි යලි සිතා බලමින් සිටින අතර බොස්ටන් උපදේශක කණ්ඩායමේ හල් සර්කින් ඇසෝසියේටඞ් ප්‍රෙස් වෙත කියා ඇත.

චීනයේ වැටුප් වසරකට 15%- 20% අතර ප‍්‍රමාණයකින් වැඩි වන අතර ඇමරිකාවේ වැඩි වන්නේ ඊට වඩා සෙමිනි. ඇපල් සමාගම කියන්නේ තමන් ඇමරිකාව පුරා රැුකියා අවස්ථා 600000ක් පමණ ඇති කර ඇති බවයි. 2011 ඔක්තෝබරයේ ස්ටීවු ජොබ්ස් ගේ අභාවයෙන් පසුව වැඩ භාරගත් කුක් ගේ පළමු සාකච්ඡුාව මෙය වූ අතර ස්ටීවු ජොබ්ස් නැති අඩුව දැනෙන බව ද එහිදී කියා ඇත.

මෙම පුවත පැමිණියේ වසර 4 කින් සමාගමේ කොටස් අගය වැඩිපුරම පහල වැටුනු අවස්ථාවකයි. බදාදා වන විට 6.43 කින් පහල වැටුනු කොටස් අගය බ‍්‍රහස්පතින්දා වන විට 1.6% කින නැග තිබුණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles