ආනයනික භාවිත කළ මෝටර රථයක මිල රුපියල් 25,000 කින් පමණ අඩුවනු ඇතැයි, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමය මේ බව පැවසුවේ ඊයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරිමේදී පනවා තිබු 100% ක ආන්තික තැම්පතු අවශ්‍යතාව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉවත් කරනු ලැබීම ඊට හේතු විය.
විනිමය අනුපාතය මත එල්ලවිය හැකි පීඩනය අවම කිරීමේ පියවරක් ලෙස පසුගිය වසරේ අගෝස්තු මස 30 වන දා මහ බැංකුව, බස් රථ, ගිලන් රථ, ලොරි හා ට්‍රක් හැර සෙසු වාහන ආනයනයේදී එම සීමා පනවනු ලැබිණි.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරන්නගේ මහතා
මුදල් තියෙන අයට යම් කිසි සහනයක් වගේ උනා මොකද මේ ණයවර ලිපි අතින් තමුන්ගේ අතේ මුදලින්ම කරන්න තමයි මේ නීතියත් එක්ක තිබුණේ ඒ නීතිය දැම්මේ බැංකු වලින් කිසිම ණය පහසුකමක් පාවිච්චි කරන්න එපැයි කියලා ඉතිං ඒකෙදි ලංකාවේ ඒ පුද්ගලයෝ වෙළඳ ඒකාධිකාරීත්වයක් ඇති කරන්නත් පිරිසක් උත්සහ කෙරුවා ඒ තුළින් ආනයනය සීමා වුණා
source-newsfirst.lk