14.3 C
London
Sunday, December 7, 2025
spot_img

උද්ධමන අනුපාතිකය ඉහළ යෑමක් නව වසර ආරම්භයේදීම

-මීට පෙර මාසයේ පැවති 2.1% උද්දමනය 2015 ජනවාරි වන විට 3.2% ලෙස පෙන්නුම් කරන අතර තරමක ඉහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ද ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යෑම උද්ධමනය මෙසේ ඉහළ යෑමට හේතුව වී ඇති බව ද වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය දෙසැම්බර් මාසයේ වාර්තා කළ 3.3% සිට නව වසරේ ජනවාරි මාසයේදී 3.2% දක්වා සුළු පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ද මහ බැංකුව පෙන්වා දෙනු ලැබේ.
තව ද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මඟින් මනිනු ලබන ලක්ෂ්‍යමය පදනම මත 2014 දෙසැම්බර් මාසයේ 2.1% ලෙස පැවති අතර එය 2015 ජනවාරි මාසයේදී 3.2% ක් ලෙස ඉහළ යාමක් සිදුව ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles