ජනපතිවරයාගේ ආරාධනාවක් නැතිව ඉන්දියා අගමැති යාපනේ

[quote]CHOGM නොආ මන්මෝහන් දැන් එන්නේ කෙසේද? මේ උත්සාහයට කෙසේවත් ඉඩ දිය යුතු නෑ… – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග[/quote]

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ආරාධනාවක් නැතිව ඉන්දියා අගමැති මන්මෝහන් සිං මහතා යාපනයට පැමිණෙන්නේ නම් එජාපය එයට සම්පූර්ණයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවද එයට කෙසේවත් ඉඩ දිය නොහැකි බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ඊයේ (02) පාර්ලිමේන්තු සභා ගර්භයේදි අවධාරණය කළේය.

ඉන්දියාවේ අගමැති මන්මෝහන් සිං මහතා උතුරේ මහ ඇමැති පී. විග්නේෂ්වරන් මහතාගේ ආරාධනයෙන් යාපනයේ සංචාරයට පැමිණිම ශ්‍රී ලංකාව දෙකට බෙදීමට ඔවුන් කරන උත්සාහයක්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට නොපැමිණි මන්මෝහන් සිං මහතා දැන් පැමිණෙන්නේ කෙසේදැයි අමරතුංග මහතා විමසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ ඉන්දීය අගමැතිවරයා උතුරේ මහ ඇමැතිවරයාගේ ආරාධනයෙන් යාපනයේ සංචාරයකට ඒම පිළිබඳ ජනමාධ්‍යයේ පළ කර තිබූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...