දූෂකයන්ගෙන් බේරීමට කාන්තාවන්ට කලිසමක්

ඉන්දියාවේ දී සෑම විනාඩි 22ට වරක් ඉන්දියා වේ ස්ත්‍රී දූෂණයක් සිදුවන සමාජ විද්‍යාඥයෝ කියති.

දූෂකයන්ගෙන් බේරී සිටීමට උපකාරී වන කලිසමක් නිපදවීමට ඉන්දියාවේ උතුරු වාරානාසි නගරයේ තරුණියන් දෙදෙනකු සමත්ව ඇත. විස් එක් හැවිරිදි දික්ෂා පතක් සහ විසි තුන් හැවිරිදි අන්ජලී ශ්‍රී වස්තවා කුඩා විද්‍යුත් මෙවලමක් යොදා ගනිමින් මේ කලිසම නිර්මාණය කැර තිබේ.

එම කලිසම ඇඳ සිටින විට බාහිරින් යම් තෙරපීමක් යෙදු සැනින් ළඟම ඇති පොලිස් ස්ථානයට ඇමතුමක් ලැබෙන පරිදි මෙම උපකරණය නිපදවා ඇත. එළඹෙන මාසයේ අත්හදා බැලීමට නියමිත මෙම නව
නිපැයුම පිළිබඳ එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ ‘කලිසම අතිශයින්ම සාර්ථක’ වනු ඇති බවයි.

මෙය ක්‍රියාත්මක වූ සැනින් අවට ඇති පොලිස් ස්ථාන 200කට පමණ මෙහි සංඥා ලැබෙන බවත්, එම සංඥා මගින් කලිසම තිබෙන තැන පෙන්වන බවත් ‍දික්ෂා පතක් පැවසුවා ය.

මෙම කලිසම් යුගලයක් පවුම් 25ක් වැනි මුදලකට අලෙවි කිරීමට නියමිත ය. එක් වරක් බැටරි යෙදූ පසු මාස තුනක කාලයක් යනතුරු බැටරි යලි යෙදීමට අවශ්‍ය නොවේ.

එක්සත් ජාතීන්ගේ සංගමයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ උප සභාපති බෙන්යම් බෙස්මුර් පවසන්නේ මෙම කලිසම දූෂණ සිද්ධි අවම කර ගැනීමට බෙහෙවින් උපකාරී විය හැකි බවයි.

CEN_AntiRapeJeans_01.jpg

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...