14.8 C
London
Friday, May 23, 2025
spot_img

නළුවාගේ ඝාතනය පිටුපස කාන්තාවක් ?

මහරගම අවන්හලක්‌ තුළදී රංගන ශිල්පියෙක්‌ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ත්‍රිරෝද රථ රියෑදුරෙක්‌ ඊයේ (30 වැනිදා) දහවල් මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය.

මෙම ඝාතන සිද්ධියෙන් පසු පලාගිය කාන්තාවක්‌ සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.

පෙරේදා (29 දා) අලුයම මෙම ඝාතනය සිදුකළ අතර පන්නිපිටිය රණවක පාරේ පදිංචිව සිටි ඉන්දික රත්නායක (44) නමැති දෙදරු පියකු ඝාතනයට ලක්‌විය.

මොහු ජනප්‍රිය රංගන ශිල්පී බුද්ධික රඹුක්‌වැල්ල මහතාගේ ඥති සොහොයුරෙකි.

ඝාතනයට භාවිත කළ පිහිය ද පොලිසිය සොයාගෙන ඇති අතර එය අවන්හලේ මුළුතැන්ගෙයි තිබූ එකක්‌ බව ද අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව මහරගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපාලි තලගල මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ටී. ඡේ. බී. හේරත්,කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂිකා අප්සරා බණ්‌ඩාර ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles