-මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ දී සවස තේ පානයෙන් අනතුරුව ආහාර විසවීමකින් පෞද්ගලික කාර්මික අධ්‍යාපන ආයතනයක සිසුන් 27 දෙනෙකු රෝහල් ගතකර ඇත. ඊයේ සවස මෙම සිසුන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම සිසුන් ඊයේ සවස තේ පානය කිරීමෙන් අනතුරුව හදිසියේ රෝගාතුරවී ඇති බව මෙම සිසුන් පවසයි. ඔවුන් පානය කළ තේවලට යූරියා පොහොර මිශ්‍රවී ඇති බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
