11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නැමැති සිවුරු කාරයාගේ රාවණා බළකායේ කප්පම් මෙහෙයුම මෙන්න…

ප්‍රවීණ සිනමා කරුවකු වන ජයසේකර අපොන්සු මහතාගේ “සීතා මං ආවා” චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ “රිට්ස්” සිනමා ශාලාවේ පැවැත් වූ අවස්ථාවේ එම ස්ථානයට කඩා වැදුණු රාවණා බළකායේ සිවුරු කාරයන් එම විරෝධතාව පවත්වා ඇත්තේ හුදු කප්පම් අරමුණකින් බව හෙලි වෙමින් පවතී.

විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මෙහෙයවන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නැමැති සිවුරු කාරයාගේ නාමික නායකත්වයෙන් යුක්ත රාවණා බළකායේ මුලික අරමුණ සැබෑ දේශපාලන ප්‍රශ්න වලින් ජනතා අවධානය වෙනතකට යොමු කිරිමත් ධනවත් ව්‍යාපරිකයන් ගෙන් කප්පම් ලබා ගැනීමත්‍​ය.

පසුගියදා සීතා මං ආවා චිත්‍රපටයට දැක්වූ විරෝධයේ අරමුණ වී තිබෙන්නේ ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපෘතියට එල්ල විය හැකිව තිබූ ජනතා විරෝධය සීතා මං ආවා චිත්‍රපට විරෝධය මගින් යට ගැසීමත් එම චිත්‍රපටයේ නිෂ්පාදක චමින්ද රණසිංහගෙන් අත යට ගනුදෙනුවක් බලහත්කාරයෙන් ලබා ගැනීමත්‍ය​. මේ ක්‍රියාවලීන් දෙකම සාර්ථක වූ බව වාර්තාවේ.

[dropcap]images[/dropcap]

පසුගිය කාලයේ බොදු බල සේනාව විසින් ෆැෂන් බග් ව්‍යාපාරික ආයතනයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ෆැෂන් බග් ව්‍යාපාරික ජාලය විසින් බොදු බල සේනාවට විශාල කප්පමක් ගෙවූ අතර දැන් ෆැෂන් බග් ආයතනය බොදු බල සේනාවේ ප්‍රහාරක ලැයිස්තුවේ නොමැත.

මේ අන්තවාදී කන්ඩායම් දෙක මුස්ලිම් මෙන්ම සිංහල ව්‍යාපාරිකයන් ද බිය ගන්වමින් කප්පම් ජාවාරම නිරුපද්‍රිතව කරගෙන යති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles