පුන්කඩතිව් මහා විද්‍යාලයේ ඉගනුම ලැබූ විද්‍යාගේ ඝාතනය පිළිබද සැකකරුවන් පොලිසියට කට උත්තර දී ඇත. විද්‍යාගේ පියා අංශ භාග රෝගියෙක් වුවත් දරු දුකෙන් තම දියණියගේ අකල් වියෝව ගැන විලාප නගිමින් සිටි. විද්‍යා සිද්ධිය වූ දින උදෑසන තම පියාගේ වැඩ කටයුතු අවසන් කර පාසල් යන අතර මග මේ පපතරයින්ගේ ග්‍රහණයට හසුවී ඇත.
එකම පවුලේ සහෝදරයින් තිදෙනකු වන සිවකුමාර් නැමැත්තා සහ අනෙක් දෙදෙනා කයිට්ස් පොලිසියට දුන් කට උත්තරයේ මෙසේ සදහන්වෙයි.
“අපට විරුද්ධව හොරකමක් ගැන කයිට්ස් මහාදිකරණයේ නඩුවක් තියනවා. ඒකෙ ඇසින් දුටු සාක්ෂිය විද්‍යාගේ අම්මා. එයාට අපි කිව්වා සාක්කි දෙන එක නතර කරන්න කියලා. ඒ වුනාට ඇහුවේ නැ. නඩුව අපට අවාසියි. අපට ඕන උනේ පලිගන්න. පලිගන්න විදියක් හිතනකොට යාලුවෙක් කිව්වා විද්‍යා අරන් ගිහින් රේප් කරන්න කියලා. ඊට පස්සේ වැඩේ අපි කොල්ලෝ ටිකකට බාර දුන්නා. උන් දහ දාහක් ඉල්ලුවා. අපි දුන්නා. 13 වෙනිදා උදේ විද්‍යා පාසල් යනකම් බලන් හිටියා. වෙනදා වගේ යාලුවෝ හිටියේ නෑ විද්‍යා එක්ක. ඒ නිසා පාලු හරියකදී එයාව අල්ලාගෙන පාලු ගෙදරකට ගියා. අපි බීලා හිටියේ. හිතේ තරහක් විතරයි තිබුනේ.
විද්‍යා කෑ ගහන්න ගත්තට පස්සේ අපිට බය හිතුනා. ඒකි කැ ගහන්න දගලන්න ගත්තා. පොරකෑවා , හැපුවා. ඒ නිසා කොන්ඩේ ගැටගහලා තිබුන රිබන් අරන් අත්දෙක ගැට ගැහුවා. අනෙක් අත ගහක ගැට ගැහුවා. කකුලක් ගවුමේ බෙල්ට් එකෙන් ගහක ගැට ගැහුවා. කෑ ගහන නිසා කටේ රෙදි එබුවා.”
එසේම එම රෙදි කටේ සිරවී හුස්ම හිර වීමෙන් ඇය මිය ගිය බව පාපතරයින් සදහන් කර ඇත. මෙවන් වූ අපරාධ කාරයින් පොලිසියේ උසස් නිලධාරියෙක් මුදා හැර ඇත්තේ ඔහුට මවක් හෝ භාරයාවක් කෙදිනක හෝ නොසිටි නිසාදැයි අපට නැගෙන ප්රශ්නයකි. එයින් දේශපාලාන වාසි ලබාගැනීම උත්සහා කරන්නේ එවැනිම වූ ගන්දබ්බයින්දැයි නොඅසාම බැරි තවත් කරුණකි.
මෙම කට උත්තරය අසන විටත් අප කොතරම් අවාසනාවන්තද කියා හැගෙනු ඇත. මවගෙන් කිරි බී වැඩුන මොවුන් මිනිසුන්ද යන්නත් අපට සැක සිතෙන්නේය. මෙවන් වූ ම්ලේජ්ච ජාතියක් බවට මනස උසස් මිනිසා පත්වුයේ කෙසේදැයි යන්නත් පුදුමයකි. අප සැවොම ජිවත් වන්නට උත්සහා කරන්නන්ය. එහෙත් ඒ අතර මග යම් තිරිසනකු අපගේ ජිවිත බිලිගැනීමට දැනටමත් පිබුරුපත් සකසනවාදැයි අප දන්නේ නැත. මනස විකෘති වූ තිරිසනුන් අනන්තවත් අපගේ මවක් දියණියක් සහෝදරියක් භාර්යාවක් බිල්ලට ගැනීමට සිහින මවනවා ඇත. නැගීසිටීමට කාලය එලබ ඇත. ටික දිනකින් සුපුරුදු පරිදි මෙයත් අප අමතක කළහොත් අපට අපගේ සහෝදරියක්වත් ඉතිරි වන්නේ නැත. කාන්තාව පමණක් නොව ශිෂ්ට සමාජයක් අපේක්ෂා කරන පිරිමින් පවා මීට එරෙහිව පෙරමුණ ගැනීමට කාලය එලබ ඇත.
Check Also
සිව්වැනි දිනය වැස්සට සේදෙයි
තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...
“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ
( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...