උපුල් ශාන්ත සන්නස්ගල මහතාට 2008 වසරේ සබරගමුව පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට ඉල්ලීම් ලැබුණු අවස්ථාවේ එය “භාරගන්නෙත් නෑ. ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ” යනුවෙන් කල ප්‍රකාශයට හේතුව ඊයේ මීපේ ප්‍රදේශයේ පැවතී රැස්වීමක දී ඒ මහතා විසින් හෙළිකර ඇත.
2008 වසරේ දී තමන්ට එල්ල වූ මරණීය තර්ජනයක් හේතුවෙන් උපුල් ශාන්ත සන්නස්ගල මහතා මැතිවරණයට ඉදිරිපත් වීමේ අදහස අත්හැරගෙන ඇත.
එහීදී සන්නස්ගල මහතා විසින් හෙළිකලේ “තමන්ට එවකට එජාප ජාතික සංවිධායක එස්. බී. දිසානායක මහතා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඇමතුමක් ලබා දී ඔවුන් ළඟදීම එජාපයෙන් ඉවත්වන බවත්, තමන්ට මැතිවරණයට ඉදිරිපත් නොවන ලෙසත් යම් හෙයකින් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තම ජීවිතය අහිමි විය හැකි බවත්” එස්. බී. දිසානායක මහතා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් තමන්ට පැවසු බවය.
එසේම එස්. බී. දිසානායක මහතා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කල ප්‍රකාශය සන්නස්ගල මහතා විසින් එවකට උතුරුමැද පළාත් එජාප මහ ඇමති අපේක්ෂක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාට පවසා ඇති අතර එහිදී ඒ මහතා පවසා ඇත්තේ “මම හමුදාවේ හිටියේ, මට ඕවා පුරුදුයි” යනුවෙනි. නමුත් ජානක පෙරේරා මහතා තම වදන් එදා පිළිගත්තා නම් අදටත් ඔහු ජිවතුන් අතර සිටින බවත් සන්නස්ගල මහතා විසින් වැඩිදුරටත් පවසා ඇත.