පූජා හා සඳ සිත්තම් යන චිත‍්‍රපටවලින් ජනප‍්‍රිය වී පේ‍්‍රක්ෂක ජනතාවගේ හද බැඳගත් රංගන ශිල්පිනියක් වන ඇය නමින් ජානකී විජෙරත්නයි. අද චිත‍්‍රපට නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය වෙමින් පවතින ඇය රංගනයට පමණක් නොව නිෂ්පාදනයටත් උපන් හපනියක් බව පෙනේ.
කොහොමද ජානකී?
හොඳයි. හොඳින් ඉන්නවා. සාමාන්‍ය විදිහට ජීවිතේ ගවෛනවා.
මොනවාද අලූත් තොරතුරු?
පසුගිය දවස්වල නම් නිවාඩුවකට විදෙස්ගතවෙලා හිටියේ. ඒ අතරේ අලූත් චිත‍්‍රපට නිෂ්පාදනයක් සිදු කරමින් ඉන්නවා. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.
මොනවද දැන් සිදු කළ අලූත් නිෂ්පාදන කටයුතු එහෙම?
චක‍්‍ර ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කටයුතු දැන් අවසන් කරලා තියෙන්නේ. තව මාසයකින් විතර මගේ රසික රසිකාවියන්ට මෙම ටෙලි නාට්‍යය නරඹන්න පුළුවන්. මෙම චක‍්‍ර ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය සිදු කරන්නේ සංජය නිර්මාල් අතින්. ඇත්තටම ඒක මගේ පේ‍්‍රක්ෂකයන්ට නවමු අත්දැකීමක් දෙන නිර්මාණයක් වේවි.
රඟපෑමට හා නිෂ්පාදනයට අමතරව ව්‍යාපාර කටයුතුවල නිරත වෙන්න බලාපොරොත්තු වෙනවාද?
එහෙම ව්‍යාපාර කටයුත්තක් නම් කරන්න බලාපොරොත්තුවක් නෑ. කරන නිෂ්පාදන කටයුතු සාර්ථකව ඉෂ්ට කරගැනීම තමයි අපේක්ෂාව.ඉස්සරහටත් නිෂ්පාදන කටයුතුවල නිරත වෙන්නද බලාපොරොත්තු වෙන්නේ?ඔව්. ඇත්තටම මම නිෂ්පාදන කලාවට හරි කැමැති නිෂ්පාදනය තුළින් රඟපානවාට වඩා මට දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවා. අනික රඟපෑමෙන් ලැබෙන චරිතෙට පමණක් කොටුවෙනවා. නිෂ්පාදනය තුළින් සමාජයට ලොකු දැනුමක් මග පෙන්වීමක් ලබාදිය හැකියි කියලා මගේ අපේක්ෂාව.
නිෂ්පාදනය කරන නාට්‍යයක හෝ චිත‍්‍රපටයකට රංගනයෙන් දායක වෙනවාද?
අනේ නැහැ. එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ. මට අවශ්‍ය මගේ රඟපෑම චිත‍්‍රපට, ටෙලිනාට්‍යවලට යොදාගන්න නෙවේ. මගේ පේ‍්‍රක්ෂකයන්ට හොඳ දෙයක් ඉදිරිපත් කරන්න. අනෙක් රංගන ක්ෂේත‍්‍රය ජ්‍යෙෂ්ඨයන් හා නවකයන් යොදාගෙන.
ජානකී නවකයන්ට තැන දෙන නිෂ්පාදකවරියක්ද?
ඔව්. මම කැමැති ක්ෂේත‍්‍රයට අලූත් දක්ෂතා ඇති නවකයන්ට ක්ෂේත‍්‍රයට අලූත් දක්ෂතා ඇති නවකයන්ට තැන දෙන්න. ඒ හින්දා මගේ හැම නිෂ්පාදනයකම එක් අයෙක් හෝ නවකයෙක් ඉන්නවාමයි.
රඟපෑමෙන් අයින් වුණාට පේ‍්‍රක්ෂකයන් මොකද කියන්නේ?
මගදී එහෙම හමුවුණාම අහනවා ඇයි පේන්න නැත්තේ කියලා. දුරකථන ඇමැතුම් දීලා විස්තර අහනවා. ලිපි එවලා විස්තර අහනවා. ඒ හැම දෙනාටම මම කියන්නේ මගේ නිෂ්පාදනයන් තුළින් මාව දකින්න කියලා.
පවුලේ අය මොකද කියන්නේ මේ ගැන?
අම්මලා, මල්ලිලා ඔක්කොම කැමැති මම නිෂ්පාදන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වීම ගැන. මොකද මගේ පවුලේ කවුරුවත් කැමැති වුණේ නැහැ මම රඟපෑමට එකතු වෙනවාට.
ජානකී ඔබට පෙම්වතෙක් ඉන්නවාද?
තාම නම් නෑ.ඒ ගැන හිතුවෙන් නැද්ද?
ඇයි ඒ?
නෑ. එහෙමම කියන්නත් බෑ. මට හිතුණා දවසක හොඳ කෙනෙක් හමුවුණොත් ආදරය කරනවා.
ගෙදරින් බලපෑමක් නැද්ද විවාහය පිළිබඳව?
එහෙම නෑ. මට මගේ උපරිම නිදහස දීලා තියෙනවා විවාහය පිළිබඳ තීරණ ගැනීමට. කොහොමත් ඒක මගේ ජීවිතය ගැන තියෙන තීරණයක් නිසා වෙන්න ඇති.ලංකාවේ ජීවත්වෙන්නද කැමැති, නැති නම්
විදේශ රටවල ජීවත් වීමටද කැමැති?
මම කැමැති මගේ රට ශ‍්‍රී ලංකාවට. මොකද මට හැමදේම තියෙන්නේ මගේ රටේ නිසා.
ලංකාවේ විශේෂ සිත්ගත් ස්ථානයක් තියෙනවාද?
සිත්ගත්, එකම ස්ථානය තමයි ගෙදර. මම ඇත්තටම කැමැති නිදහසේ පාඩුවේ ඉන්න. ඉතින් මගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න පුළුවන් මගේ නිවසේ ඉඳලා.
රංගනයෙන් ඈත්වීම ගැන දුකක් නැද්ද?
එහෙම දුකක් නෑ. මොකද මම ඒ ක්ෂේත‍්‍රයට වක‍්‍රාකාරව හෝ දායක වී සිටින නිසා.
ලංකාවේ සිනමාව හා ලෝක සිනමාව ගැන හිතෙන්නේ මොනවාද?
ලංකාවේ සිනමාව ලෝක සිනමාව සමග සංසන්දනය කිරීම වැරදි මොකද? එහෙම තීද්දී අද සිනමාව ගැන මම නම් සෑහීමකට පත්වෙනවා.
අලූතින්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
රාමා-සීතා කතා පුවත සංගීතයට වැඩි අවස්ථාවක් දීලා නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.
රංගන ක්ෂේත‍්‍රයට සම්බන්ධව නොසිටියා නම් කවුරු වෙයිද?
මම හිතාගෙන හිටියේ දොස්තරවරියක් වෙන්න. රංගන ක්ෂේත‍්‍රයට සම්බන්ධ නොවී සිටියා නම් වෛද්‍යවරියක් වෙන්න තිබුණා. ඇත්තටම මම ඉගෙන ගන්න දක්ෂයි. මගේ පවුලේ අය හිතුවේ මම ඉගෙනීම පැත්තෙන් හොඳ රැුකියාවක් කරයි කියලා.
ඇයි ඇත්තටම අධ්‍යාපනයෙන් ඉදිරියට නොගිහින් රංගන ක්ෂේත‍්‍රයට පැමිණියේ?
ඒක ලැබිම වෙන්න ඇති. මම රංගන ක්ෂේත‍්‍රයට කැමැති වුණා. ඒ පැත්තට ගියා. ඒක තමයි ඇත්ත. ඒත් මං අධ්‍යාපනය අත්හැරලා නැහැ.
මොනවාද අධ්‍යාපන අංශයෙන් කරගෙන යන වැඩකටයුතු?
මම නීතිවේදී උපාධිය ලබා ගැනීමට අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.
අවසන් වශයෙන් පේ‍්‍රක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොනවාද?
අවසන් වශයෙන් කියන්න තියෙන්නේ රඟපෑමෙන් මගේ රසික රසිකාවියන්ව මට පිනවන්න බැරි වුණත් මම නිෂ්පාදනය තුළින් ඔයගොල්ලන් ළඟට එනවා. ඉතින් ඉස්සර වගේම ඕගොල්ලන් ළඟට සමීපවෙලා ඉන්නවා. මම කරන මේ නිෂ්පාදන කටයුතුවල ගුණ දොස් මට කියන්න. ඒක මට ලොකු හයියක් වේවි. මේක තමා මගේ ලිපිනය. 19 ඕ, ෆෙයාර් මවුන්ට් රෙසිඩන්සි, රාජගිරිය.