දවස් දෙකක් ගතකරන්න ජැකලින් ගේ ගාන කෝටි 4යි

ජැකලීන් ෆර්ඩිනැන්ඩස් කියන්නේ ශ්‍රී ලාංකික සම්භයක් ඇති මේ වන විට මුළු ලෝකයේම ප්‍රසිද්ධියට පත්වී සිටින නිළියක්නේ.

හැබැයි අපි දැන් කියන්න යන්නේ ජැකලීන්ගේ නිළිකම සම්බන්ධයෙන් තොරතුරක්නම් නෙවෙයි.

ජැකලීන් ඉතා සුපිරි මට්ටමේ විවාහ උත්සව වලට සහභාගී වෙන්න ගණන් උස්සන කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.

ඒ මොකක්ද දන්නවාද ජැකලීන් සුපිරි මට්ටමේ විවාහ උත්සව වලට සහභාගීවීමට ඉතා ඉහළ මුදලක් ලබා ගන්නවා කියලයි ආරංචිය.

ඉදිරි දිනක එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත විවාව උත්සවයට සහභාගී වන පිරිස පුදුම කිරීම සඳහා ( surprise ) ඉන්දියානු කෝටි 4ක මුදලක් ඇය විසින් ලබාගෙන ඇති බව විදේශ පුවත් සේවයක් සඳහන් කරනවා.

ලන්ඩන් නුවර පදිංචිව සිටින ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුගේ විවාහ උත්සයක් සඳහා ඇය සහභාගී වීමට නියමිතව තිබෙනවා.

කොහොම වුණත් ජැකලීන් අදාළ විවාහ උත්සවයට සහභාගී වී දින දෙකක කාලයක් එහි ගත කරන අතර එම දින දෙක සඳහාද වියදම් දරණු ලබන්නේ එම පවුලේ උදවිය බවද වාර්තා වෙයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...