14.9 C
London
Friday, April 25, 2025
spot_img

ජෝන් අමරතුංග දවල් හීන දකිනවා

පළාත් පාලන ආයතන විසුරුවන්න ජෝන් අමරතුංග ඇමැතිවරයාට බලයක්‌ නෑ. ඒ විෂය භාරව කටයුතු කරන්නේ කරු ජයසූරිය ඇමැතිවරයා. ඊට ඉහළින් අගමැති හා ජනාධිපති ඉන්නවා. විෂයට අදාළ නැති අයට දේශපාලන අවශ්‍යතාවන් මත එසේ කරන්න බෑ. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගත්තොත් එතැන අවුලක්‌ යෑයි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංග ආරච්චි මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ කොටිකාවත්ත සණස උත්සව ශාලාවේ පැවැති මාසික සභා රැස්‌වීම අවස්‌ථාවේදීය. එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී ගාමිණී කමල් ජයකොඩි මහතා සහ සන්ධාන මන්ත්‍රී ප්‍රින්ස්‌ ගුණසේකර මහතා විසින් මෙම පළාත් පාලන ආයතන ලබන 15 දා විසුරුවා හරින බවට ඇමැති ජෝන් අමරතුංග මහතා විසින් මාධ්‍යය වෙත කළ ප්‍රකාශය පිළිබඳ නැඟූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් සභාපතිවරයා එසේ ප්‍රකාශ කළේය. සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

ජෝන් අමරතුංග ඇමැතිවරයා ඒ කළ ප්‍රකාශයත් සමග මගේ දුරකථනයට ඇමතුම් ගලා ආවා. සමස්‌ත සභාපතිවරුන්ගේ සභාපති හැටියට ඒවාට පිළිතුරු සපයන්න වුණේ මටයි. මේක එක එක අයගේ දේශපාලනික අරමුණු සහ බැඳුණු මතයක්‌. එතුමා වත්තල ප්‍රාදේශීය සභාවට ගිහින් කළ කර්තව්‍යයේදීත් අපි යහපාලනයේ එහෙම දෙයක්‌ නෑ කියා මේ සභාවේ සාකච්ඡා කළා. බල්ලගෙ වැඩේ බූරුවා කරනවා කියා කීවේ මේ කතාවේ අර්ථය පහසු කරවන්නයි. එහෙම නැතිව කාටවත් ඒ නම් භාවිත කළා නෙමේ. දවල් හීන දකිමින් එතුමාගේ පෞද්ගලික න්‍යාය පත්‍රය කියවූවාට සමස්‌ත සභාපතිවරු එම ප්‍රශ්නය ගැටලු සහගත කර ගත යුතු නෑ. එතුමාට හිතිල ඇති මේක ටක්‌ගාල විසුරුවල කොමසාරිස්‌ පාලන යටතට ගන්න.

මේකට විෂය භාර ඇමැතිවරයා ඇතුළු ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලය අවශ්‍ය තීන්දුව ගනීවි. ඔය කියන දිනේට පළාත් පාලන ආයතන විසුරුවන්නේ නැති බවට ඒ පිළිබඳ වගකිව යුතු පුද්ගලයකු වශයෙන් ශ්‍රී ලංකාවේ සියලුම සභාපතිවරුන්ට ප්‍රකාශ කරනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles