13.1 C
London
Friday, November 14, 2025
spot_img

“කුඩු බිස්නස් කාරයෝ මරා දාන්න ඕනේ “

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයන්ට අධිකරණයෙන් නියම වන මරණ දඬුවම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව නීතිය සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. ඉන්දුනීසියාව ඇතුළු විවිධ රටවල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරයටම මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් කිසිසේත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් අවසන් කළ නොහැකි බව ද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පෙන්වා දෙයි.

මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබී පසුව ඒවා ලිහිල්වී මොවුන් සමාජයට යාමෙන් පසුවත් හිරගෙවල්වල සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව හෙළි වී තිබේ. එම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට අධිකරණයෙන් නියම කෙරෙන මරණ දඬුවම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles