13.1 C
London
Friday, November 14, 2025
spot_img

“අපේ ආණ්ඩුවක් ආවම රවී හෙළුවෙන් එල්ලනවා “

දැනට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන හිටපු අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීම සඳහා රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගිය පිරිසකට ඔහු පවසා ඇත්තේ ‘පොලිස්පතිත් මං කියන දේ අහනවා. නීතිපතිත් මං කියන දේ අහනවා. ඕන ලොක්කෙක් මට සරෙන්ඩර්.මං කියන දේ අහන්නැත්තෙ රවී විද්‍යාලංකාර විතරයි. (මුල්‍ය අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති) අපේ ආණ්ඩුවක් ආපු ගමන් ඕකව හෙලුවෙන් ගෝල්ෆේස් එකේ එල්ලනවා.’ කියාය.

එවිට ජොනීව බැලීමට ගිය පිරිස අසා ඇත්තේ බැසිල් රාජපක්ෂ වගේ කොළඹ මර්චන්ට් වෝඩ් එකට මාරු වෙන්නෙ නැත්තෙ ඇයි කියාය. සිනහවෙමින් ඊට පිළිතුරු දී ඇති ජොනී ‘බැසිල් ඇමතිතුමා සල්ලි ගෙවල එහෙ ගන්න සැප මට නොමිලෙම මෙහෙ හම්බ වෙනවා’ කියාය. ඒ අනුව අප කළ සොයාබැලීමකදී තහවුරු වූයේ ජොනීගේ ජංගම දුරකතනය පවා ඔහු ළඟ තිබෙන බවයි. එමෙන්ම තුන්වේලටම ජොනීට කෑම ලැබෙනුයේ පිටතිනි. එමෙන්ම සෑම රැයකම ඉස්තරම්ම බීමවර්ග පානය කිරීමේ අවස්ථාව ජොනී නිසා අනෙක් රිමාන්ඩ් සැකකරුවන්ට ද ලැබෙන බව තහවුරු විය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles