Saturday , 7 September 2024

‘ජොනී’ සැකකරුවන් 20 දෙනකු සිටින මැදිරියක

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙන කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා සැකකරුවන් විසිදෙනකු සිටින වාට්‌ටුවක (මැදිරියක) පසුවෙන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා ඊයේ (07 දා) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කියා බන්ධනාගාරය ඔහුට කිසිදු පහසුකමක්‌ ලබානොදුන් බවත් අනිත් සැකකරුවන්ට මෙන්ම ඔහුටත් රාත්‍රියට නිදාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් පිළියෙළ කළ බවද බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්වරයා පැවසීය.

සමහර දේශපාලන සිරකරුවන් සැකකරුවන් මෙන් ඔහු රෝහල් පහසුකම් ලබාගැනීමට ක්‍රියා නොකළ බවද කොමසාරිස්‌වරයා කියයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...