ජොනී හිරේ ගිය වැරදි මෙන්න

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනේ.

විෂය භාර අමාත්‍යවරයාව සිටි කාලයේදී සතොස ආයතනයෙන් රුපියල් මිලියන 05කට ආසන්න වටිනාකමක් සහිත භාණ්ඩ තොගයක් ලබාගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීම ඔහුට එරෙහි චෝදනාවයි.

පසුගිය වයඹ පළාත් මැතිවරණ සමයේ මල්ලවපිටිය, වැහැර, යම්තම්පලාව යන ලංකා සතොස වෙළඳසැල් මගින් රුපියල් 5,275,000ක් වටිනා භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ලවී තිබේ.

ඒ සඳහා ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත අද කැඳවා තිබිණ.

පැය පහක පමණ කාලයක් තුළ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු පස්වරු 3.20ට ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අද පස්වරුවේ ඔහු කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...