රුපියල් මිලියන 21 ක හොර අරක්කු ජොනී ළග

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පවුලේ ව්‍යාපාරයක් වන වයඹ ඩිස්ටලරිස් සමාගමේ දෙමටගොඩ ගබඩා සංකීර්ණයක නීති විරෝධි ලෙස අසුරා තිබූ මත්පැන් බෝතල් 68,603 (ලීටර් 20824) හී වටිනාකම රුපියල් මිලියන 21 ක් බව හෙළිවේ.

සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු නියමිත බදු මුදල් නොගෙවා නීති විරෝධී ලෙස රටපුරා බෙදාහරිමින් තිබෙන වයඹ ඩිස්ටිලරිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන නිසා රුපියල් කෝටි සිය ගණනක ආදායම් රජයට අහිමි කරමින් පත්වාගෙන යමින් සිටී.

ප්‍රනාන්දු පවුල වෙනුවෙන් මත්පැන් ව්‍යාපාරයේ සියලුම කටයුතු කරගෙන යන්නේ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුව සිටී ක්‍රිෂාන්ත කපුවත්ත නැමැත්තා විසින් බවද හෙළිවේ.

ඔහුට අයත් නරිතා ට්‍රේඩින් කොම්පැණි නම් වාහන අමතර කොටස් ගබඩා කරන ආයතනයේ තිබී මෙම මත්පැන් තොගය අත්අඩංගුවට ගනු ලැබූ අතර රටපුරා තිබෙන 107කට අධික ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට අයත් සුරාසැල් වෙත නීති විරෝධීව ප්‍රවාහනයට සූදානම් කර තිබූ ඒවා බව හෙළි වේ.මේවා වර්ග 7 ක නමින් බෙදා හැරීමට සූදානම් කර තිබිණි

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...