ජීවරාණි කුරුකුලසූරිය යන නම ශ්‍රී ලාංකික සිනමා වංශකතාවේ රන් අකුරින් ලියවුණු නමක්ය කීම අතිශයෝක්තියක් නොවේ. ඇය ශ්‍රී ලංකාවේ පළමුවන වර්ණ සිනමා සිත්තම වන රන්මුතුදූව සිනමා පටයේ ප්‍රධාන චරිතය ර`ගපෑමෙන් ද සිනමා ඉතිහාසයේ විශේෂ පරිච්ෙඡ්දයක හිමිකාරිත්වය ලැබුවාය.
කලාත්මක හෝ වාණිජ කියා වෙනසක් නැති සිනමාවක්, අපේ සිනමාවක් තිබූ යුගයක නොමැකෙන සටහන් රාශියක් තැබූ ඇය දැන් පදිංචිව සිටින්නේ විදේශ රටකය. දියණියන් තිදෙනකුගේ මවක වන ඇය පසුගියදා ලංකාවට පැමිණියේ ඇයගේ එක් දියණියක වන ලංකාංගනී හා ඇයගේ පවුලේ උදවියගේ සැපදුක් බලන්නටය. ලංකාංගනී විවාහව සිටින්නේ මෙරට ප්‍රකට ව්‍යාපාරික පවුලකින් පැවැත එන නාලක එදිරිසිංහ සමගය. ෂෙහාරා හා නෙහාස් යන මුනුපුරකුගේ හා මිනිබිරියකගේ මිත්තණියක වන ජීවරාණි හා කළ කතාබහකි මේ.
කොහොමද ඉතින් අලූත්ම තොරතුරු යැයි අසමින් මා ඇයගේ අවධානය රිවිර පාඨකයන් වෙනුවෙන් යොමු කර ගත්තා…
වරදක් නැහැ.. නිවාඩුවකට කියලා ඉතින් අපේ රටට ආවා.. අනික ලංකාංගනී දුව බලන්නත් එක්කලා ආවේ.. දැන් ටික දවසක් වෙනවා ඇවිල්ලා.. ආව දා ඉ`දන් එක එක වැඩ.. මහත්තය කියනවා නිවාඩුවකට කියලා ආවට මොකද එහෙ ඉන්නවාට වඩා බිසී නේද දැන් ලංකාවට ආවාට පස්සෙ කියලා..(සිනාවෙමින්) ඇත්තටම විවේකයක් කියලා එකක් ඇත්තෙම නැහැනෙ.. ආව දා ඉ`දන් එක එක අය කතා කරනවා හමුවෙන්න එනවා.. අපිටත් එ් එ් තැන්වලට එන්න කියලා ආරාධනා.. නොගිහිනුත් බැහැනෙ.. මට හිතෙනවා ඇත්තටම මාව තාම මේ රටේ සිනමා රසිකයන්ට අමතක නැහැ කියලා.. එ්කත් ඉතින් ලොකු සතුටක්.. දැන් ඉතින් ඔයාලා වුණත් කතා කරන්නේ ඉතින් මොනවද මගෙන් දැන ගන්න ඕනේ..
අපේ අලූත් පරපුර ඔබ හොඳ දක්ෂ රංගන ශිල්පිනියක් කියලා දැන ගත්තාට මේ ගමන ආරම්භ කළේ කොහොමද කියලා දන්නෙ නැහැනෙ. එ් ගැන ආයෙත් මතක් කළොත්..
ඇත්තටම මම පුංචි කාලේ ඉ`දන්ම සිනමාවට කැමැතියි.. රඟපාන්න කැමැත්තක් තිබුණා.. මම ළමා පිටියේ ගායිකාවක් විදියටත් ගුවන් විදුලියට ආවා ගියා.. මේ කාලේ මම නැටුම් ඉගෙනගන්න ඕනේ කියලා තාත්තාට කිව්වා.. මට ඕනෙ වුණේ ගුරුවරියක් වෙන්න.. තාත්තා මාව වජිරා චිත්‍රසේන යුවළ ගාවට යොමු කළා. ආර්.ඩබ්ලිව්.සිරිනේරිස් ගුරුන්නාන්සේ, නාලිනී සමරසිංහ ගුරුතුමිය යන අය ගාවට ගිහිින් නැටුම් ඉගෙනගත්තා. තාත්තා මාව යොමු කළේ උඩරට නැටුම් ඉගෙනගන්න. මොකද එයා කැමැති වුණේ එ් කලාවට.. මේ අතරෙ මම පානදුර කලා සංගමයට බැඳිලා සිටියා. එ්ත් ගෙදර අයගෙ කැමැත්තෙන්මයි.. මේ කාලේ හිටියා ඉතා ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයෙක් ඩික් ඩයස් කියලා. රුක්මණී දේවි එහෙමත් වේදිකා නාට්‍යවලට අරන් තියෙනවා. මෙතුමා එස්.ඩබ්.ආර්.ඞී.බණ්ඩාරනායක මැතිතුමාගේ ‘මහහේනේ රීරියකා’ කියන පොත වේදිකාවට ගේන එකට මාවත් තෝරා ගත්තා. ඔය 1959 දි විතර. මම තමා ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ. එතකොට මට අවුරුදු දාසයක් දාහතක් විතර ඇති. අපේ ඔය කලා සංගමයේ උපදේශකයෙක් හැටියට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා හිටියා. මේ නාට්‍යය පෙන්වන දවසේ බණ්ඩාරනායක මහත්තයා සිරිමාවෝ මැතිනිය, සුනේත්‍රා, චන්ද්‍රිකා, අනුර එහෙමත් ආවා. එදා සෙනග පිරිලා. නාට්‍යය ඉවර වුණාට පස්සේ බණ්ඩාරනායක මහත්තයා අතට අත දීලා සුබ පැතුවා. ඔබට හොඳ අනාගතයක් තියෙනවා කියලා කිව්වා. මැතිනිය එයාට දීලා තිබුණු මල්කලඹ මට දීලා සුබ පැතුවා. පහුවදා පත්තරවල මුල් පිටුවෙ මේ විස්තරය ගියා.. තාත්තට අම්මට එහෙම ඉතින් හරිම සන්තෝෂයි. පස්සේ තාත්තා මාව ලෙස්ටර් මහත්තයා ගාවට එක්ක ආවා. එ් වෙද්දි ලෙස්ටර්ගෙ චිත්‍රපටයට කාන්ති ගුණතුංග තෝරාගෙන.. ඉතින් මට චරිතයක් ලියලා හදලා දුන්නා. පස්සෙ මාව වීරවිජය කියන ෆිල්ම් එකට ගත්තා.
වීරවිජය කියන්නේ ද්‍රවිඩ චිත්රපටයක්නේ නේද?
ඔව් එ් වුණාට අපි එ් ෆිල්ම් එක කවදාකවත් දැකලා තිබුණේ නැහැ.. අපිට ලැබෙන්නේ සිංහල පිටපත.. අපි රඟපාන්නේ අධ්යක්ෂවරයා කියන විදියටයි. අනික අපි අපටම ආවේණික වෙච්ච රඟපෑමක් කරන්නෙ..දෙබස් කියන්නෙත් එහෙමයි.. එ් නිසා දෙමළ චිත්‍රපටයක් හැටියට නෙවේ ලංකාවේ ප්‍රෙක්ෂකයාට බලන්න වෙන්නෙ.
එ් වුණාට පස්සේ කාලෙක දෙමළ හින්දි චිත්‍රපට වීඩියෝ එක බලලා රඟපාන කාලයක් ආවා. එ් නිසා සිනමාවට හානියක් වුණා කියලා ඔබ හිතනවද?
ඇත්තටම අපේ කාලෙ ඔය ලෙනින් මොරායස් වගේ අය හිටියා. එයාලා එහෙම කරන නමුත් එ්වා අපිට ආවේණික විදියටයි කළේ.. අනික අපේ කාලේ ඔය විදියට රූප රාමු බලමින් කරන්න බැහැ.. එහෙම පහසුකම් තිබුණේ නැහැ.. මම හිතනවා අපි එහෙම නම් හරියට කොපි කරලා නැහැ.. එ්කනේ අසාර්ථක වෙන්නේ… අනික අද බොරු කරන්නත් බැහැ දැන් මාධ්‍ය දියුණුයි.. එ්ක නිසා කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ.
ඔබ වැඩියෙන්ම එකට ර`ගපෑ නළුවා කවුරු කියලද මතකයට එන්නේ..?
මෙහෙමයි මම ලංකාවේ හැම විශිෂ්ට නිශ්පාදකවරුන් අධ්යක්ෂවරුන් එක්කම වැඩ කරලා තියෙනවා. ටෝනි රණසිංහ ආනන්ද ජයරත්න ගාමිණී පොන්සේකා වගේ අයත් එක්ක රඟපාලා තියෙනවා. ලෙස්ටර්ගේ සංදේශය චිත්‍රපටයෙන් තමා ලෙස්ටර් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ.. එ්වගේ අති දක්ෂයන් සමග මම වැඩ කළා. මට පළමුව විජිත මල්ලිකා, සන්ධ්‍යා කුමාරි, ක්ලැරිස් ද සිල්වා වගේ අය හිටියා. නමුත් මට හිතෙනවා මම බොහොම වාසනාවන්තයි මොකද මගේ වෙනම යුගයක් තිබුණා. එ් යුගය ගැන තාම පේ්රක්ෂකයන්ට මතකයක් තියෙනවා. මට ප්‍රධාන චරිත ලැබුණා. එ්වගේම මට සුදුසු චරිත තියෙන එ්වා තෝරා දෙන්නේ මගේ තාත්තා.. අම්මා දෙන්නා. තාත්තා විශේෂයෙන්ම පිටපත බලලා තීරණය කළා මට සුදුසු මොකක්ද කියලා.
අපේ තාත්තා ඉංග්‍රිසිය භාෂාවක් හැටියට පාවිච්චි කළාට බටහිර ගැති කෙනෙක් නෙවේ කියලා හිතෙනවා. අපේ තාත්තාගේ නම කුරුකුලසූරියගේ විනියස් ඇන්තනී ප්‍රනාන්දු.. නමුත් එයා අපේ නමට ප්‍රනාන්දු යෙදුවේ නැහැ. කුරුකුලසූරිය නම තමා වාසගම හැටියට යෙදුවේ. අනික එයා සිංහල කමට සිංහල සංස්කෘතියට ගරුකළා. අනික මගේ නම වුණත් ජීවරාණි කුරුකුලසූරිය, (සිනාසමින්* ජීවරාණිලා වෙන නැහැ. ශිරාණි කුරුකුලසූරිය , ජානකී කුරුකුලසූරිය, විවේක් කුරුකුලසූරිය, මැණික් කුරුකුලසූරිය අනිත් අය. නංගිලා තුන්දෙනාත් රඟපෑවා. එ් අයටත් අපේ තාත්තාගේ බලපෑම තිබුණා. ඔයා දන්නවද? අපේ තාත්තා මම දිග කලිසම් අ`දිනවාට කැමැති නැහැ. සැරයක් ජේමිස් බණ්ඩා ෆිල්ම් එකේ එලිසබෙත් විල්සන් චරිතය ඉමිටේඞ් කරන්න තිබුණා. එ්කට කලිසම් අ`දින්න ඕනේ. තාත්තා ෂූටින් කැන්ෂල් කරන්නම කිව්වා. පස්සෙ රෝල් එක ගැන පැහැදිලි කරලා විස්තර කළාට පස්සෙ තමා කැමැති වුණේ. තව ටිකෙන් එ් ෆිල්ම් එකෙන් මාව අයින් කර ගන්නවා. තාත්තා අපේ කමට ගරු කළා වගේම එ්ක ඉහළින්ම පිළි ගත්තා. මම බැන්දට පස්සෙ තමා ඔන්න එ් නිදහස ලැබුණෙ. (සිනාසෙමින්* අපේ මහත්තයා මට නිදහස දුන්නා. ශීලා ෆිල්ම් එක කළේ බැන්දට පස්සෙනෙ. එ්කෙ කලිසම් අඳින්න අශ්වයෝ පිටේ යන්න තිබුණා. තාත්තා ලිප්ස්ටික්වත් ගාන්න දුන්නේ නැහැ ෆිල්ම්වලට අරෙන්න. දැන්නම් ඉතින් මහත්තයාගෙ අවසරය තියෙනවානෙ.
අද ලංකාවේ සිනමාව පිරිහිලා කියලා කියනවා.. ඔබ මොකක්ද හිතන්නෙ..
ම්..එ්කට නම් හරි උත්තරයක් කියන්න අමාරුයි.. මොකද කාලෙකින් මම මෙහෙ සිනමාව ගැන දන්නෙ නැති නිසා.. කොහොම වුණත් රූපවාහිනිය, වීඩියෝපට, සීඞී, අන්තර්ජාලය එහෙම තියෙන නිසා චිත්‍රපට බලන්න අවස්ථා වැඩියිනෙ.. එ් නිසා වෙන්න ඇති.. නමුත් හොඳ එ්වා බලනවා.. හොඳ එ්වා හැදෙනවා.. අනික එදා ඒවායේ කතාවක් තිබුණා අවසානයේ ගතයුතු ආදර්ශයක් තිබුණා.. අපිට හොඳ කතා නැතිකම බලපාලා තියෙන බව මට දැන ගන්න ලැබුණා.. ඉස්සර කොපි කළා වුණත් එ් කතාව විතරයි එදා ගත්තෙ.. රඟ පෑම කළේ අපි.. එ් නිසා අපේ කම තිබුණා.
ඔබ දැන් ඔස්ටේ්රලියාවට වෙලා කොපමණ කාලයක් වෙනවද?
මගේ හිතේ දැන් අවුරුදු හතළිහක් විතර.. ශිරාණි නංගිත් ඉන්නෙ එහෙ.. මල්ලිත් ඉන්නෙ එහෙ.. මගේ අනිත් ¥ලා දෙන්නත් එහෙනෙ ඉන්නෙ.. එ් හින්දා ඉතින් අපි යන්නත් ඕනේ.. මහත්තයා වෛද්‍ය වෘත්තියෙන් විශ්‍රාම ගත්තා.. එයා කියනවා විවේකයෙන් ඉන්න ඕනේ කියලා..(ඔහු යමක් කියනු ඇසේ* මහත්තයා කියනවා විවේකයෙන් ඉන්න කියලා මෙහෙ ආවට මොකද දැන් වැඩ වැඩිවෙලා එ් හින්දා රෙස්ට් එකට ඔස්ටේරලියා යන්න වෙනවලූ.. ඇත්තනෙ.. මම දැන් ආ දවසේ ඉ`දන් වැඩ.. මගේ ගමන්වලට මහත්තයාට එන්න වෙනවා.. අනික මම මට ලියුම් එවලා තියෙන මගේ රසික රසිකාවියන්ගේ ලියුම්වලට උත්තර ලිව්වා.. හැබැයි ඉතින් හරිම සතුටින්..
මම ඇයගේ දිවි ගමනට සුබ පතමින් අපේ පාඨකයන්ටත් ඇයට ලියන්නට කැමැත්තක් ඇත්නම් ලිවීමට ලිපිනය කියන්න යැයි ඉල්ලා සිටියා.
ජීවරාණි කුරුකුලසූරිය
15/1 /එ්, රෝයල් පාර්ක්, ලේක් ඩ්‍රයිව්, රාජගිරිය.
උපාලි බණ්ඩාර වීරසේකර
source-rivira