තමන් ආණ්ඩුවට එක් වන්නේ යයි පල වන මාධ්‍ය වාර්තා කිසිවක් සත්‍ය නොවන බව ගම්පහ දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතා පවසයි.
ඒ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවට එක් වන බවටත් කතානායක දුරය ඉල්ලූ බවටත් වන වාර්තාද සත්‍යයෙන් තොර බවත් තමන්ට ආණ්ඩුවට යන්න එහි පුරප්පාඩු ඇත්තේ නැති බවත්ය.
සංචාරය තුළ දී කිසිදු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකට තමන් සහභාගී නොවු බව ද ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ මැදපෙරදිග සංචාරයක් සඳහා පිටත්ව යාම මුල්කරගෙන වාර්තා පල වූයේ ඒ මහතා රජයට එක් වන බවටයි.
ඒ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් එජාප නායකයන් කියා සිටියේ අමරතුංග මහතා පිටත්ව ගියේ ක‍්‍රිස්තියානි ආගමික ස්ථාන නැරමීම සඳහා පමණක් බව බවත් ඒ සම්බන්ධයෙන් පක්‍ෂය අවසද දුන් බවත්ය.
කෙසේ වෙතත් ජෝන් අමරතුංග මහතා ජනාධිපති මහතින්ද රාජපක්‍ෂ මහතා සමඟ නිල කටයුතු කිහිපයකටම සහභාගී විය.
lankaCnews