9.7 C
London
Sunday, December 7, 2025
spot_img

විනිසුරුවරයා මෙහෙකාරියට හිරිහැර කළ හැටි

ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවරයකුගේ නිල පිස්තෝලයෙන් පහරකෑමට ලක්වූ බව කියන නිවෙසේ මෙහෙකාර කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම මෙහෙකාර කාන්තාව තමන්ට සිදුකරන හිංසාවන් දරාගත නොහැකි බව පවසමින් 27දා රාත්‍රී 12.15ට පමණ ගල්කිස්ස පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් පසුගිය 15 දා මෙම විනිසුරුවරයාගේ නිවෙසේ මෙහෙකාරිනියක ලෙස සේවයට පැමිණි බවත් එදින පටන් ඇයට නිවෙසින් එළියට යාමට ඉඩ නොදී රඳවා ගෙන සිටි බවත් එම නිවෙසේ සිටින මන්ද බුද්ධික දැරියක් විසින් තමන්ට අමානුෂික ලෙස පහරදෙන බවත් එය අදාළ විනිසුරුවරයා සිනාසිසී බලා සිටින බවත් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මීට අමතරව දිගින් දිගටම විනිසුරුවරයා ඇයට පහර දෙන බවත් ඔහු සිය පිස්තෝලයෙන් පහරදීම නිසා හිසේ ස්ථාන කිහිපයක ගැට මතුවී ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ අනුව පොලිසිය විසින් ඇය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පෝරමය සමඟ කළුබෝවිල රෝහලට ඇතුළත් කර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරී ඉල්ලීමකට අනුව මෙහෙකාරියගේ ආරක්ෂාව සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකු යොදවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට අදාළ විනිසුරුවරයාගේ නිවෙසේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින සිවිල් ආරක්ෂක නිලධාරියකුගෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර අද (29) එම නිවෙසේ සිටින තවත් මෙහෙකාරියකගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles