17.1 C
London
Thursday, November 13, 2025
spot_img

ජුඩෝ ලොක්කෝ බම්බු ගහලා ද?

ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ හිටපු නිලධාරින් පසුගිය සිවු වසර තුළ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කිසිදු සේවයක් සිදුකොට නොමැති බව ජූඩෝ අතුරු කමිටුවේ සභාපති කිත්සිරි සොයිසා මහතා ප්‍රකාශ කරයි. එම කාලය තුළ හිටපු නිලධාරීන් සංගමයේ අයවැය පිළිබඳ කිසිදු වාර්තාවක් ද සකස් කොට නොමැති බව තහවුරු වී ඇතැයි අතුරු කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා විසින් පත් කරනු ලැබූ ජූඩෝ අතුරු කමිටු සාමාජිකයන් පසුගියදා පළමුවරට හමුවූ අතර සංගමයේ හිටපු සභාපතිවරයා සහ සෙසු නිලධාරින්ට එරෙහිව කටයුතු කිරීමට ත්‍රිපුද්ගල විනය කමිටුවක් පත් කිරිමට එහිදී පියවර ගෙන ඇත.

අවසන් වරට ජූඩෝ සංගමයේ නිලතල දැරූ පුද්ගලයන් මෙන්ම ඊට පෙර 2011-12 කාලවකවානුව තුළ එම සංගමයේ නිලතල දැරූ පුද්ගලයන් ද විනය කමිටුව හමුවට කැඳවීමට මෙහි දී තීරණය වී ඇතැයි වාර්තා වේ.

පසුගිය කාලය තුල විවිධ හේතු මත තාවකාලිකව හා ජීවිතාන්තය දක්වා තහනමට ලක්වූ පුද්ගලයන් ජූඩෝ සංගමය නියෝජනය කරමින් විදෙස් තරග සංවාර සඳහා සහභාගී වී ඇතැයි ද, ඒ ඇතැම් පුද්ගලයන් පුහුණුකරුවන් ලෙස සහභාගී වී ඇතැයි ද වාර්තා කරයි. මේ පිළිබඳ සොයා බැලීම ද විනය කමිටුවේ කාර්යභාරය වී තිබේ.

මීට අමතරව පසුගිය කාලය තුල ක්‍රියාත්මක නොකළ ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගතකිරීම ද, ජාතික පුහුණුකරුවකු පත් කිරීම ද නව අතුරු කමිටුව මගින් සිදුකිරීමට නියමිතය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles