22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

තම මධුසමය දන්දුන් ලාංකික යුවතිය

‘අපි කවද්ද කසාද බදින්නේ, ඔයා කවදද මාව ගෙදර එක්කන් යන්නේ, අපේ අම්මල නං කැමතියි කිවුවා, අපි ලොකුවට වෙඩින් එකක් ගමු.’ ආදර සම්බන්ධයක් පටන් ගත්ත දවසේ ඉදලා කොල්ලන්ට අහන්න වෙන්නේ ඔය වගේ ආදර කතානේ. ඒක ඉතිං එහෙම තමයි. ගැහැණු ළමයි ඉපදෙන්නෙම කසාද බදින්න බලන්. ඉපදුන දවසේ ඉදන් ගැහුණු හීන දකින්නේ ලස්සන වෙඩින් එකක් ගැන විතරමයි. හැබැයි ඒ හීනේ හැබෑ කරන්න කොල්ලට බැරි වුණොත් ඉතිං වසලා හමාරයි.

අපි එහෙම හිතන් හිටියට ඇත්තටම කෙල්ලෝ ගොඩක් පරිත්‍යාගශීලීයි. ලංකාවේ නෙලූ දැන් ඉන්නේ ඕස්ටේ‍්‍රලියාවෙ. අවුරුදු 7ක් තිස්සේ ඕස්ටේ‍්‍රලියාවෙ ඉන්න ජූලියන් සිමොන්ස් එක්ක තිබුණ ආදර සම්බන්ධයෙන් පස්සේ ඇය විවාහ වුණා. හැබැයි මේ දවස් වල ඕස්ටේ‍්‍රලියාවෙ තියෙන The Voice කියන රියැලිටි ගායන තරගයට ජූලියන් සහභාගී වෙන නිසා දෙන්නගේ හනිමූන් එක කල්දාන්න සිද්ධ වුණා.

ජූලියන් ලාංකිකයෙක්. වෘත්තීය ගායකයෙක්. Audio Production පිළිබද ඕස්ටේ‍්‍රලියාවෙ උපාධි ධාරියෙක්. ඉතිං තමන්ගේ සැමියා මේ තරගයට සහභාගී වෙන්න ඕන නිසා වගේම, පුහුණුවීම් තියෙන නිසා හනිමූන් එකට ලංකාවට එන්න හිටපු ගමන නවත්තන්න නෙලූ තීරණය කරා.

හනිමූන් එක දාගෙන හිටපු දවසේ ජූලියන්ට තරග වටයකට සහභාගීවෙන්න වුණා. ගීතය ඉදිරිපත් කරද්දි තරගකරුගේ හඩ පමණක් ඇසෙන සේ විනිසුරුවරුන් අසුන් ගෙන ඉන්න Blind Audition තරග වටයක් එදා තිබුනෙ. ගීතය ගායනා කරලා ඉවර වෙද්දිම මනාලිය නෙලූ වේදිකාවට දුවගෙන ඇවිත් ජූලියන්ව බදාගත්තා. අලූත බැදපු ජෝඩුවගේ ආදරේ තරම හැමෝටම පෙනුනා.

“මේ සිප වැලද ගැනීම ගීතයේම කොටසක්, අපිට එහෙමයි හිතෙන්නේ. ජූලියන් ඔයාගෙ ගැයුම නං විශිෂ්ටයි.”
විනිසුරුවරුන් 3 දෙනාම එහෙම කිවුවා.

ජීවිතේටම එක පාරක් ලැබෙන හනිමූන් එකට යන්නම ඕන කියලා නෙලූ කිවුවනං ජූලියන්ට මේ දිනුම ලැබෙන්නේ නැහැනේ. අන්න කෙල්ලෝ, හැබැයි නෙලූ එහෙම කරාට අපේ අය නං ඔහොම කැප කිරීම් කරයි කියලා හිතන්න එපා. මොකද එයාලා ඉන්නේ ලංකාවෙනේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්

news.com.au
gossip.hirufm.lk

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles