13.1 C
London
Thursday, May 15, 2025
spot_img

තව දවස් තුනකින් ජවිපෙට අලුත් නායකයෙක්

පෙබරවාරි 2 වැනිදා පැවැත්වීමට නියමිත ජනතා විමුක්ති පෙරමුණේ වාර්ෂික මස සමුළුවේදී පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවීමට නියමිත වුවත් නව නායකයා ලෙස පත්වන්නේ තමා නොවන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය වෙනස් වීම සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් ‘මව්බිම’ කළ විමසීමකදී ඔහු පැවැසුවේ පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බවට වත්මන් නායක සෝමවංශ අමරසිංහ මහතාද පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනා කර ඇති අතර නායකත්වය පිළිබඳ යෝජනා කිහිපයක් මේ වනවිට සාකච්ඡා කරමින් සිටියත් පක්ෂයේ නායකයා වන්නේ තමන් නොවන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ මහා සමුළුවේදී පක්ෂ නායකයා වීමට යෝජනා වූ නම් අතර තම නමද සඳහන් කරමින් මාධ්‍ය වාර්තා පළ වුවත් තමන් කිසිසේත්ම පක්ෂ නායකයා නොවනු ඇති බවත්, පක්ෂ මහ සමුළුවේදී සමස්ත පක්ෂ සාමාජිකත්වයේ එකඟත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පත්වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

ශිවන්ති ප්‍රනාන්දු
MAWBIMA

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles