මෙවර මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදාගැනීමේදී ගැටලු උද්ගත වී තිබේ.
2014, 2015 වසර සඳහා අලි ඇතුන් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව මඟින් විධිමත් බලපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ ලේකම් ධම්සිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
සියලුම හීලෑ අලි ඇතුන්ගේ ලිපිගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යාම හේතුවෙන් අලි ඇතුන් පෙරහැරට ඉදිරිපත් කිරීමට එම හිමිකරුවන් මැලිකමක් දක්වන බව ධම්සිරි බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

