කන්කසන්තුරෙයි ඉදිවන ජනපති මැදුර ජනසතු කරයි.

-ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යාපනය කන්කසන්තුරෙයි ඉදිවන ජනාධිපති මන්දිරය ජනසතු කරන බව පවසයි. උතුරු පළාත් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව ජනපති එහි සංචාරය කොට ඉදිවන ජනාධිපති මන්දිරය පිළිබඳව සොයා බලන ලදී. දැනට 80%ක පමණ වැඩ අවසන්වී ඇති එහි ඇස්තමේන්තු ගත මුදල රුපියල් කෝටි 200ක් වන අතර මහජන මුදල් විනාශ කරමින් ඉදිවන එවැනි සුඛෝපභෝගී මැදුරක් තම සුඛ විහණයට යොදා නොගන්නා බවද එහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
කන්කසන්තුරෙයි හා ආරුගම්බේ ඉදිවෙමින් පැවති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන බවත් ඒවා අනෙක් සම්මන්ත්‍රණ ශාලාවන්ට වඩා වෙනස් වන්නේ නවාතැන් පහසුකම් සහිතව ඉදිකිරීම හේතුවෙන් බවත් හිටපු ජනපතිවරයා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ කන්කන්තුරෙයිහි කිසිදු ජනාධිපති මන්දිරයක් ඉදිවෙමින් නොපැවති බවත්, 1980 දී කොටි ත්‍රස්තයින් විනාශ කරනතුරු ජනපති මන්දිරයක් යාපනය කොටුවේ තිබූ බවත්ය. මෙම ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බවත් නාවික හමුදාව එහි ඉදිකිරීම් බාරව සිටි බවත් මහින්ද රාජපක්ෂ මහතා කියයි.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...