කපුගේ සතුවූ මනුස්‌සකමට අපි ආදරය කළෙමු

දෙසැම්බර් 29 දා සවස 6.30, කඹුරුපිටිය උපාලි විජයවර්ධන රංග ශාලාවේදී උන්මාදනී කපුගේ රාත්‍රිය පැවැත්වෙන අතර මෙහිදී කපුගේ ගුණානුස්‌මරණ ප්‍රසංගයක්‌ ලෙස මෙය පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දකුණු අසියාතික සංස්‌කෘතික දේහයේ රැඩිකල්වාදී කලා ප්‍රකාශනය කපුගේ යෑයි කීම වඩාත් සාධාරණීය යෑයි මම සිතමි. මේ නිහඬ වූ මනුස්‌සකම තුළ හදවතින් නුඹට ආදරය කරන මිනිසුන් අපි වෙමු. එය ගායකයෙක්‌ වීම නිසා නොව ඔවුහු තුළ පැවැති පුංචි මිනිසාට ආදරය කරන, ඒ මිනිසුන් අතර ජීවත් වෙන්න කැමැති සහජාතිය මනුස්‌සකමෙන් පිරුණු මිනිසෙක්‌ වූ නිසා වෙනි.

දකුණේ සම්භවයක්‌ සහිත කපුගේ 1945 අගෝස්‌තු මස 7 වැනිදා ගිංගඟබඩ පත්තුවේ තණබැද්දෙ ගමේ මෙලොව එළිය දුටු ආදරණීය මිනිසෙකි. ඇල්ලලමුල්ල කපුගේ ප්‍රැන්සිස්‌ හා සිරිබද්දන ඇලිස්‌ නෝනාට දාව උපත ලද කපුගේ සුලවතාණන්ට වැඩිමහල් සොහොයුරකු හා බාල සොහොයුරන් හතර දෙනකු ද සොහොයුරියන් දෙදෙනකු විය. එල්ලමුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පහේ ශිෂ්‍යත්වයෙන් සමත්වී කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට, නාගොඩ විද්‍යාලයට හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් උසස්‌ අධ්‍යාපනය ලබා 1963 දී හේවුඩ් ලලිත කලා ආයතනයට ඇතුළු විය. 1965 දී ඉන්දියාවේ භාත් කණ්‌ඩෙ සංගීත විද්‍යාලයට ඇතුළු වූ කපුගේ 1966 දී එහි ඩිප්ලෝමා විභාගය සමත් වී සංගීත විශාරද උපාධිය ලබා 1969 දී ලංකාවට පැමිණ ගුවන් විදුලි සංස්‌ථාවේ ක්‍රියාකාරී සහකාරක තනතුරට පත්විය.

වාරණය කපුගේට ආභරණයක්‌ විය. මන්ද 1978 ජුලි 22 කියුබාවේ ජගත් තරුණ ශිෂ්‍ය සමුළුවට ගොස්‌ නැවත එන විට සේවය අතහැර දැමුවා සේ සැලකිණි. 1979 දී අගමැතිවරයා විවේචනය කළා යෑයි පොලිස්‌ අත්අඩංගුවට පත්වීමෙන් පසුව වැඩ තහනමට ලක්‌විය. එහෙත් කපුගේ සිය ප්‍රකාශන මාධ්‍ය අත්හැරියේ ද නැත.

කලාකරුවා යනු සමාජයේ ගමන් මාර්ගය වෙන් කරනා ප්‍රධාන වාහකයා වන්නේය. එය සැබැවින්ම සිය ජීවන දර්ශනය බව වටහාගත් කපුගේ සත්‍යාවාදීත්වය ඉදිරියේ සිය ආත්මය පාවා නොදී තාඩන පීඩන මැද සිය ස්‌වරය අවදි කළේ මරණය පෙනි පෙනීය. එහෙත් අද සිටින අය ගැන දෙයියෝම තමයි බලන්න ඕන. අහෝ… ඒ තරම් ෙ€දවාචකයක්‌, රැකියාවෙන් එළියට ඇදදමද්aදීත් රජරටට ගොස්‌ සිය විප්ලවීය චින්තනය අමතක නොකළ මේ අදීන මිනිසා ගැන අදත්a අපි කථා කරන්නේ ඔහු තුළ පැවැති මේ කලා ප්‍රකාශනය නිසා වෙනි.

“අහස උසට නැගගියාට

නැහැනෙ අහස පෙනෙන්නේ

අහසෙ මාලිගා තැනුවට

අපි පොළොවෙයි සිටින්නේ…”

රචකයා ප්‍රකාශන ධාරාව ගීතය යන කලා මොඩලය ඇතුළේ සමාජගත කරන කපුගේ සිය හෙŒ තැන්පත් වූ පීඩිත පංතියේ මානුෂීය සමාජ රේඛාව හරි අපූරුවට සහෘද මනස පුරා තැන්පත් කරන්නේය. මේ නිසා කපුගේ ජනතාවාදී කලාවේදියා ලෙස සැලකීම වඩාත් සාධාරණීය වන්නේය.

රත්න ශ්‍රී ලියූ “වැරහැලි ඇඳ අඩු කුලියට සලු මැසුව කුමාරී

ඉදිකටුව අතේ ඇනුණාදොa

නිදන කුමාරී….

මේ හරහා ගෙන එන කාන්තා සමාජයේ ෙ€දවාචී බව තුළ හරපීඩිතව පෙළෙන අහිංසක ළඳුන්ගේ ජීවන චිත්‍රයේ අදුරු සෙවණැලි මැනවින් මතු කෙරෙන්නේය. ඒ නිසා එම උප සංස්‌කෘතික සමාජය කපුගේට ආදරය කළේය. සිය ජීවිතවල පෙළෙන, තැලෙන, පණ ගැහෙන ආත්මීය කතාව හරි අපූර්ව ආකාරයට සිය හඬ තුළ සිත් මඬලේ නිදන්ගත කරන්නේය.

මේ හඬ තුළ පවතින විවිධ සමාජ විකාශනාත්මක අවදීන්වල ශ්‍රී ලංකාවේ ජන සමාජයේ ආවේණික හඬ රටා ඉතා පැහැදිවම තැන්පත්වි පවතින්නේය. මේ හැම මනෝභාවයක්‌ම පෝෂණය කිරීමට හැකි සියුම් සමාජ ඉරියව් මේ හඬ තුළ තැන්පත් වී පැවතියේය. මේ සියලු පැතිකඩයන් ස්‌පර්ශ කිරීමට හැකිවූයේ කපුගේ අතිශයින්ම සංවේදී වූ මිනිසෙක්‌ වූ නිසාවෙනි. මේ නිසා සමාජය ඉතා ඉක්‌මණින් සංවේදිගත කර ගැනීමට ඔහුට නිරන්තරයෙන්ම හැකි විය. මට දැනෙන ආකාරයට ශ්‍රී ලාංකීය ගීත වංශයේ මෙතරම් සංවේදී වූ කලාකරුවෙක්‌ මා දැක නැත. ඒ නිසා අපේ සංස්‌කෘතික ගෝලයෝ අමරණීය හඬක්‌ ලෙස තවමත් කපුගේ අදීන යුග පුරුෂයෙක්‌ ලෙස සලකන්නේය.

ෆ උලලේනෝ… (ගැමි හඬ)

ෆ විදුලි මිණි පහන් දැවී…. (අසරණකමේ හඬ)

ෆබිම්බරක්‌ සෙනඟ ගැවසුණ (රණකාමීත්වයේ හඬ)

ෆ දවසක්‌ පැල නැති හේනේ (මාතෘ ප්‍රේමයේ හඬ)

ෆ අහස උසට නැග ගියාට (පංති පීඩනයේ හඬ)

වැරහැලි ඇඳ අඩු කුලියට…

කුරගල ගගා ගා… එන්න

ෆ උතුරු කොනේ නුඹ හිනැහේa (ජාතිකත්වයේ හඬ)

ෆ උන්මාද සිතුවම්

නින්ද නැති රැයේ

මං මුලාවී

දුක හාදු දෙන රැයේ…. (විරහවේ හඬ)

මෙවැනි මානවීය සිතුවිලි තලයන් ඉතා හොඳින් ස්‌පර්ශ කිරීමට කපුගේට උන්මාදනීය ස්‌වරයක්‌ පැවැතියේය. මේ හඬ ඇසීමට තරම් ශ්‍රී ලංකීය ජාතියක්‌ විදියට අපි පින්කාරයෝ වෙමු.

සිය කලාව තුළ සාධාරණීය යෑයි දැනෙන දේශපාලන මතවාදය වෙනුවෙන් නොබියවම සිය මතය ප්‍රකාශ කළේය. සිය ආත්මාර්ථය වෙනුවෙන් සිය දේශපාලන ප්‍රතිපත්ති උගසට නොතැබූ මේ සුසන්වේදී මිනිසා සැබෑ දේශපාලන සත්වයකි.

පඳුරකට ගැසූවිට විශාරද ගායකයෝ විසිවෙන සමාජයක්‌ තුළ කපුගේට මානවීය සාහිත්‍යයක්‌ පැවැතියේය. ඒ නිසාවෙන් ඔහු අප අතරින් කයින් වෙන්වී ගියත් ඔහුගේ මිනිසත්කමේ පරමානන්දනීය සුවඳ සමඟ තවමත් අපි ජීවත් වන්නෙමු. එහෙත් අද බිහිවන ගායන සමාජය ඇතුළේ මුදලාලිලා මිස මිනිස්‌කය සහිත කලාකරුවෝ බිහි නොවෙති. මේ නිසා කලාව මත තැවරූ මනුස්‌සකම වෙනුවට මුදලින් සැරසූ භාණ්‌ඩ හුවමාරුවීමේ ගනුදෙනුවක්‌ වී ඇත. මේ සියලු අභියෝගාත්මක සමාජ රැළි අතර සරල, චාම් දේශපාලන පෞරෂයේ ප්‍රභාමත්භාවය වූ කපුගේ මිනිස්‌ සමාජයේ සියුම් තැන් ග්‍රහණය කර ගත්තේය. ඒ නිසා මිනිසුන් වෙනුවෙන් සිය ප්‍රසංග දන්දුන්නේ සමාජයේ යහපැවැත්ම උදෙසා මිස සිය සුඛෝපභෝගී පැවැත්ම උදෙසා නොවේ.

“ලොවේ දුක දැක දයාබරවී

නෙතින් කඳුළක්‌ නොසැලුවේ නම්

ඔබේ නාමෙන් කුමට තත්සර රාව නන්වා

හිඳිමි ගොලුවී මං

නැහැ නුඹ ගොලුවෙලා නැත. එහෙත් අද අපිට වූ ඇබැද්දිය අපට අද හිතා ගන්නවත් බැරිය

පිහිටක්‌ නැති සරණක්‌ නැති

සතුටක්‌ ඇති මුහුණක්‌ නැති

මේ සසර දනව්වේ

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා…

බුදුහාමුදුරුවනේ…

කඹුරුපිටිය උරුමය කලා සංගමයේ සභාපති
තිහගොඩ කැලුම් බෝධිමාන

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...