අනියම් බිරිඳක් සමඟ සැමියා විසින් පවත්වා ගෙන යන සම්බන්ධය නතර කර දීමට නිවසේ යාගයක් පැවැත්වීමට අවශ්‍ය යෑයි පවසා යාගය දිනයේ 22 හැවිරිදි කාන්තාව කාමරයක් තුළට රැගෙන අමානුෂික ලෙස ඇයව දූෂණය කළ බව කියන කපුවකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්‍ෂණ අරම්භ කර ඇත.
දොඩන්ගොඩ පොලිස් වසමේ පදිංචි මෙම කාන්තාව සිය නිවස තුළ කපුවා ප්‍රකාශ කළ පූජා භාණ්‌ඩ සූදානම් කර නියමිත දින වූ 10 වැනිදා නිවසට පැමිණි කපුවා ඇයව පමණක් කාමරයට කැඳවා යාගය කරන බව අඟවා කාන්තාව දූෂණය කර ඇතැයි පොලිසිය පවසයි.
සිය සැමියාවත්, ඔහුගේ අනියම් බිරිඳවත් කොඩි විනයක් මාර්ගයෙන් සුනඛයන් බවට පත් කිරීමට හැකි බවට පුරසාරම් දොඩවා ඇතැයි ද අතවරයට පත් වූ කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ දැක්‌වේ.
අතවරයට ලක් වූ කාන්තාව කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර කපුවා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
මෙම කපුවාට එරෙහිව කාන්තාවන් කිහිපදෙනකුම දූෂණය කිරීම පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.