කපුවෝ ඩබලක් දෙව් සැප ලබන්න ගොස් කූඩුවේ

0
99

පේනයක් ඇසීමට ආණමඩුව දේවාලයකට ගිය 27 හැවිරිදි තරුණියකගේ රෝග නිධානය සෙවීම සඳහා ඇය නිරුවත් කළැයි කියන 49 හැවිරිදි කපුවෙක් ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.කපුවාගෙන් බේරී දේවාලයෙන් පැන ගිය තරුණිය පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු කපුවා අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර අණවින , කොඩිවින කැපීමට රුහුණේ ගෙවල් වලට යෑමට පුරුදුව සිටි හැට හැවිරිදි කපුවකු හුංගම 15 හැවිරිදි දැරියක කෙළෙසි යැයි අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය කියයි.