ගාල්ල කරාපිටිය රෝහලේ ගින්නක් (VIDEO)

-ගාල්ල කරාපිටිය රෝහල තුළ ගින්නක් හටගෙන ඇති අතර ගාල්ල ගිනි නිවිමේ ඒකකය මගින් එය මැඩපැවැත්වීමට කටුයුතු කර ඇත. ගින්න හටහෙගන ඇත්තේ ඒම රෝහලේ ආපන ශාලාව ඇතුළතය. පසුදින රාත්‍රී 11.00 ට පමණ ගින්න හටගන්නා විට එහි ඇතුලත නිදා සිටි තිදෙනකුගේ දිවි බේරී ඇති බව ද පොලිසිය පවසයි. ගින්නට හේතුව තවමත් සොයාගෙන නැතත් පොලිසිය සැකකරන්නේ විදුලි කාන්දුවකින් ගින්න ඇති වී අැති බවයි. හානිය මෙතෙක් ගණන් බලා නැති අතර ඊට යාබද ව ඇති පාරිභෝගික ශල්‍ය උපකරණ ගබඩාවේ තිබූ උපකරණවලට ද ගින්නෙන් හටගත් දැඩි රස්නය හේතුවෙන් හානියක් සිදුව ඇත්දැයි සොයා බලන බව ද රෝහලේ අධ්‍යක්ෂ වරයා කියා පවසා අැත. ආපන ශාලාව පවත්වාගෙන යන්නේ ටෙන්ඩර් කැඳවීමෙන් පුද්ගලික අංශයට ලබා දීමෙනි. එහි තිබූ උපකරණ සියල්ල එම ටෙන්ඩර්කරුවා සතු උපකරණ බව ද රෝහල් ආරංචි පවසයි.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...