-ශ්‍රී ලංකාවේ කරාතේ ක්‍රීඩකයන්ට ඉදිරියට යාමට පියවර එසවනුයේ ලෝකයේ දියුණු කරාතේ තාක්ෂණය හා සම්බන්ධ වීමෙන් බව එක්සත් කරාතේ පාලක මණ්ඩලයේ ආසියානු කලාපයේ උපසභාපති හා ශ්‍රී ලංකා කරාතේ දෝ සංවිධානයේ නිර්මාතෘ රෝහන විජේමාන්න මහතා අනාවරණය කරයි. ශ්‍රී ලාංකික කරාතේ ක්‍රීඩාවේ නියැලුණු දරු දැරියන්ගේ අනාගත අභිවෘද්ධිය වඩවඩාත් සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කරාතේ දෝ සංවිධානය විසින් නව පෙඩරේෂණයක් නිර්මාණය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාවේ කරාතේ ක්‍රීඩාව ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරමින් ජාත්‍යන්තරය වෙත ගෙන යාම මෙම නව පෙඩරේෂනයේ එක් අරමුණක් වන බව ද පවසයි. මෙම උචිත අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සාමාජික සඳුනිල් එදිරිසිංහ හා යුරෝපයේ කරාතේ දෝ සංවිධානයේ උපසභාපති අසෝක රණසිංහ යන මහත්මවරුන්ද සහභාගි වෙන ලදී.
Check Also
සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි
මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...
අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්
බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...