13.5 C
London
Friday, April 25, 2025
spot_img

කරු ජයසුරිය රනිල් ජයවර්ධන හමුවක්

මේ දිනවල නිල සංචාරයක් සඳහා ලන්ඩන් නුවරට පැමිණ සිටින බුද්ධ ශාසන,රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ යහපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා සහ එම මැතිනිය වෙනුවෙන් පසුගිය 31 වෙනිදා බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් අචාර්ය චානක තල්පහෙවා විසින් දිවා භෝජන සංග්‍රහයක් පවත්වා ඇත.
මහා කොමසාරිස් කාර්යාලයේදී පැවති මෙම භෝජන සංග්‍රහය සඳහා පසුගියදා පැවති බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ඊසානදිග හැම්ප්ෂයර් ආසනය සඳහා කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟකොට විශිෂ්ඨ ජයක් අත්කරගත් රනිල් ජයවර්ධන තරුණ මන්ත්‍රී වරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ද තල්පහෙවා මහතාගේ ආරාධනයෙන් සහභාගිවූ බව මහකොමසාරිස් කාර්යාලය මඟින් නිකුත්කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්වෙයි.
ජයසුරිය ඇමතිවරයා සහ ජයවර්ධන මන්ත්‍රී වරයා මෙඅවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය සම්බන්ධව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මෙවර මැතිවරණයෙන් තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එකම මන්ත්‍රී වරයා වන රනිල් ජයවර්ධන ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙක් මුණගැසුන මුල් අවස්ථාව මෙයයි.
මෙම අවස්ථාවට සහභාගිවූ රනිල් ජයවර්ධනයේ පියා වූ නලින් ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවී ශ්‍රී ලංකාවේදී දේශපාලනයෙහි නිරත වූවෙකි.
තම දෙටු පුතනුවන් බ්‍රිතාන්‍යයේ දේශපාලන වැඩකටයුතු කෙරෙහි නැඹුරුවක් ඇතිකරගැනීමේදී තමන්ගේ දේශපාලන පසුබිම බලපාන්නට ඇතිබවත් ඉදිරියේදී තම පුතනුවන් බ්‍රිතාන්‍යයේ ප්‍රචාරය කෙරෙන ශ්‍රී ලංකාව පිළිබඳව විවිධාකාර වැරදි ප්‍රචාරයන් නිවැරැදිකිරීම සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නා බවත් නලින් ජයවර්ධන පැවසුවේය.

සටහන තිස්ස මඩවල – චයාරුපය – ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles